මස්කෙළිය ස්ට්‍රප්සි වත්තේ දේවකන්ද දෙමළ මහා විදුහලේ පරිගණක කාමරය කඩා රුපියල් 190000 වටිනා පරිගණක යන්ත්‍ර දෙකක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්යෙන් එම පාසලේ එකොළොස් වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන පහළොස් හැවිරිදි එම පාසලේම සිසුවකු ඇතුළු පාසල් හැර ගිය 16 සහ 19 වයස්වල තවත් තරුණයින් දෙදෙනෙකු මස්කෙළිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනාම පාසල් වයසේ පසු වන්නන් වීම විශේෂය.
ඔවුන් තිදෙනාම සාමිමලේ ස්ට්‍රප්සි වත්තේ පදිංචිකරුවෝ වෙති.
පාසලේ විදුහල්පතිවරයා විසින් 07 දින පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසු විමර්ශන කළ පොලීසිය පරිගණක යන්ත්‍ර දෙක සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
මස්කෙළිය පොලිිසිය පරීක්ෂණ පවත්වයි.