පාසල් සිසුන් දෙදෙනෙක් පාසල් සිසුවියක අමානුෂික ලෙස සමූහ දූෂණයට ලක් කරලා… සිසුන් දෙදෙනා අත් අඩංගුවට…

පුත්තලම සමගිපුර ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියක් තවත්  පාසල් සිසුන් දෙදෙනෙක් විසින් බලහත්කාරයෙන් සමූහ දූෂණයට ලක් කිරීමේ ඛේදවාචකයක් බඳු අපරාධයක් වනාතවිලුල්ව පොලිසිය වාර්තා කරයි.

මෙම දැරිය බලහත්කාර සමූහ දූෂණයට ලක් කළ පාසල් සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ වයස අවුරුදු 13කි. අනෙක් සිසුවා අවුරුදු 18කි.

අපරාධය සිදුකළ සිසුන් දෙදෙනා වනාතවිල්ලුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

පොලිස් සංඛ්‍යා දත්ත අනුව මේ වනවිට දින පතා වාර්තාවන ස්ත්‍රී දූෂණ ප්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවත්, දිනකට ස්ත්‍රී දූෂණ සිද්ධි  8-10ත් අතර ප්‍රමාණයක් වාර්තා වෙමින් ඇති බවත් පෙනී ගොස් ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෑතක සිට පියා අතින් සිය දියණිවරු දූෂණය වීමේ සිද්ධිවල කැපී පෙනෙන ඉහළ යෑමක් ඇති බව ද පොලිස් විමර්ශන අශ නිරීක්ෂණය කර ඇත.

 

Exit mobile version