රටේ අධ්‍යාපන ව්‍යුහය යළි ආරම්භ කිරීමට සහ පාසල් අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කිරීමේ වැඩපිළිවෙළෙහි පළමු පිවයර වශයෙන් විභාග දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් සඳහා එන්නත්කරණ වැඩසටහන අද (2021/07/09) දින ආරම්භ වූ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශය අනුව මේ මස 12වැනි සඳුදා සිට සියලු ම ගුරුවරුන් එන්නත්කරණය ආරම්භ කිරීමට නියමිත ය.
එසේ ගුරුවරුන් එන්නත්කරණය කිරීමෙන් අනතුරු ව පළමු පියවර ලෙස දරුවන් 100ට අඩු පාසල් 2962ක් අගෝස්තු මාසයේ දී පමණ ආරම්භ කිරීමට හැකි වෙතැ යි විශ්වාස කෙරේ.