සුමිත් පොතුපිටිය-
පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයකු අද (01) පස්වරුවේ අත් අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 27 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
ප්‍රදේශයේ පාසල් ළමුන්ගේ දෙමව්පියන් විසින් කළ පැමිණිලි කිහිපයකින් පසු සිදුකළ වැටලීමකින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
කළුතර තොටුපල හන්දියේ සැකකරු පරීක්ෂා කිරීමේදී හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් හයයි මිලිග්රැම් 200 ක් සොයාගෙන කරන ලද ප්‍රශ්න කිරීමෙන් අනාවරණය වූ තොරතුරු මත නිවසේ අල්මාරියේ සඟවා තිබූ මත්කරල් 1080 ක් සොයාගත් බව පොලිසිය කීය.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ , සහකාර පොලිස් අධිකාරී දුම්න්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලකගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල ලක්සිත ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් වැටලීමට එක්වූහ .