අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අලුතින් රූපවාහිනී නාලිකා 06ක් – ජී.එල් කියයි…

අධ්‍යාපනය වෙනුවෙන් ම වෙන් වූ ‘විෂන් එෆ්.එම්.’ නාලිකාව ද ලබන සතියේ ඇරඹේ. ඉදිරියේ දී සෑම ශ්‍රේණියකටම රූපවාහිනී නාලිකාවක්....

by editor
අගෝස්තු 13, 2021
in පුවත්
G-L-Peris
Share on FacebookShare on Twitter

අධ්‍යාපනය වෙනුවෙන් ම වෙන් වූ රූපවාහිනී නාලිකා 20ක් ආරම්භ කිරීමේ වැඩසටහනෙහි පළමු පියවර වශයෙන් නව රූපවාහිනි නාලිකා 06ක් සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමඟ ඒකාබද්ධව ඇරඹෙන ‘විෂන් එෆ්.එම්.’ ගුවන්විදුලි නාලිකාව ද එළඹෙන සතියේ දී විවෘත කිරීමට බලාපොරොත්තු වන බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසයි.

අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී පැවති රැස්වීමක් අමතමිනි.

ඉතිහාසයේ මෙතෙක් කාලයක් නොපැවති ලෙස පූර්ණ කාලීන, තිරසාර නාලිකා ලෙස මෙම නාලිකා ආරම්භ කිරීමට සැලසුම් යොදා ඇති අතර ගුවන්විදුලි නාලිකාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමඟ ඒකාබද්ධව ද රූපවාහිනී නාලිකා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හා ඒකාබද්ධ ව PEO TV ඔස්සේ විකාශන කටයුතු කිරීමට ද අපේක්ෂා කෙරේ.

මේ වනවිට ජාතික අධ්‍යාපන ආයතනයේ මැදිහත්වීමෙන් එම වැඩසටහන්වල පටිගත කිරීම් 7000කට අධික ප්‍රමාණයක් අවසන් කොට තිබේ. මේ සම්බන්ධ ව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ සභාපතිත්වයෙන් යුතු කමිටුව රැස්වීමෙන් අනතුරු ව වැඩසටහන පෙළගැස්ම සහ අදාළ විකාශන කටයුතු පිළිබඳ අවසන් තීන්දු තීරණ ගෙන එළඹෙන සතියේ සිට විකාශන කටයුතු ඇරඹීමට පියවර ගන්නා බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අධ්‍යාපන නාලිකා ආරම්භ කිරීම සඳහා අමාත්‍යංශය පසුගිය කාලය තුළ විශාල වැඩකොටසක් නිහඬව සිදුකළ අතර ඒ පිළිබඳ පැහැදිලිකර දීමට එළඹෙන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය උපයෝගී කර ගන්නා බව පැවසීය. අමාත්‍යංශය මඟින් මෙතෙක් සිදුකළ වැඩසටහන් සහ ඒවායෙහි ප්‍රගතිය පිළිබඳව ඉදිරිපත් කිරීමේ හැකියාව එදිනට ලැබෙන බව කීය.

“සියලු ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යමණ්ඩල එන්නත්කරණය කිරීමෙන් පසු සැප්තැම්බර් මාසයේ සිට සෞඛ්‍ය නිර්‍දේශවලට යටත්ව පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණා. නමුත් පවතින කොවිඩ් අර්බූදය හමුවේ මේ වන විට එම සැලසුම් ක්‍රියාත්මක කිරීම අනිශ්චිතයි. පවතින තත්වය හමුවේ හොඳ ම විකල්පය මාර්ගගත (Online) අධ්‍යාපනය බවට පත් වී තිබෙනවා.“

“මෙම විස්තෘත වැඩසටහනට අනුව ඒ ඒ ශ්‍රේණි සඳහා වෙන වෙන ම රූපවාහිනී නාලිකාව බැගින් ආරම්භ කර අධ්‍යාපනය ශක්තිමත් කිරීමට කටයුතු සංවිධානය කරමින් තිබෙනවා. ආර්ථික අර්බූද, සෞඛ්‍ය අර්බූද මෙන් ම ගුරු වැටුප් විෂමතාව වගේ ගැටලු කොතරම් තිබුණ ද දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මූලිකත්වය ලබාදිය යුතු වෙනවා. යැයි ඇමතිවරයා කීවේය.

මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත්, සීතා අරඹේපොළ, පියල් නිශාන්ත, අධ්‍යාපන සහ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්, රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පිරිසක් එක්වූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ සංචරණ සීමා නම් වැඩක් නෑ… පී.එච්.අයි මහත්වරු කියති…

Next Post

අද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 155ක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.