පාසලට පැමිණෙමින් සිටිය දී  අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිට වෙඩි තබයි…

gunshot-bullet

ලලිත් චාමින්ද –

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකුට අද (26) උදැසන අම්බලන්ගොඩ, රන්දොඹේ ප්‍රදේශයේ දි එල්ලවු වෙඩි ප්‍රහාරයකින් නියෝජ්‍ය විදුහල්පතිවරයා තුවාල ලබා  ඇති බැව් අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

නියෝජ්‍ය විදුහල්පතිවරයා  යතුරුපැදියෙන් සේවය සදහා විදුහල වෙත පැමිණෙමින් සිටියදි මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත. 

නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙකි වෙඩි ප්‍රහාරය එල්ලකොට ඇති අතර නියෝජ්‍ය විදුහල්පතිවරයා වෙඩි පහර කාගෙනම යතුරුපැදිය පදවාගෙන  අම්බලන්ගොඩ පොලිසිය වෙත පැමිණ ඇති බවද පොලිසිය පවසයි. මොහු  බළපිටිය මිගෙට්ටුවත්තේ පදිංචි ප්‍ර දේශයේ පදිංචි  අයෙකි

ඔහු කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයාගේ බෑනණුවන් කෙනෙක් බවද පොලීසිය කියයි.  


මේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති  අතර   පැය දොළහක් තුළ අම්බලන්ගොඩ සිදුවූ දෙවැනි වෙඩි තැබීම බවද පොලීසිය  පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අම්බලන්ගොඩ පොලිසිය මෙම වෙඩිතැබිම පිළිබද වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Exit mobile version