අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුවේ පටලැවිල්ලක්! හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි…

by editor
ජූලි 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ද ශ්‍රි ලංකා මහ බැංකුව පිළිබඳව සභාව කල් තැබීමේ යෝජනාව සඳහා පක්ෂ නායක රැස්වීමේදී සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණයක් ගෙන තිබුණද හෙට පැවැත්වීමට නියමිත මහ බැංකු වාර්තාව පිළිබඳව සභාව කල් තැබීමේ යොජනාව ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයකු නමින් ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම පිළිබඳව දැඩි විවාදයක් අද පාර්ලිමේන්තුවේදී ඇතිවිය.

මෙහිදී අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නගන ලද ප්‍රශ්න හමුවේ කථානායකවරයාද යම් පටලැවිලිසහගත පත්වූ අතර ඔහු අවසානයේ එහි යම් පටලැවිල්ලක් සිදුව ඇති බැවන් එය නිරාකරණය කිරිමට අද (08) දහවල් 12.00ට පක්ෂ නායක රැස්වීමක් කැඳවන බව ප්‍රකාශ කළේය.

අද පෙරවරු සැසියේදී ස්ථාවර නියෝග යටතේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක  ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා මහ බැංකුව පිළිබඳව තමන් විසින් ඉල්ලා සිටි යෝජනාව නැවත ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් කරන බවයි. එය යුක්ති සහගත නොවන බව කථානායකවරයාගේද හෘදය සාක්ෂිය පවා ඒ බව දන්නා බව තමන් විශ්වාස කරන්නේ යැයි ඔහු එහිදී පැවසීය.

එහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා “මම දිගින් දිගටම ඉල්ලා සිටියා. ගරු කතානායකතුමනි, ආණ්ඩු පක්ෂයම යෝජනා කරන එක පිළිගන්න ඔබ ඔය පුටුවේ ඉන්න ඕනද? පක්ෂ නායක රැස්වීමේදි මම දිගින් දිගටම ඉල්ලා සිටි යෝජනාවට එකඟ වුණා. “ යනුවෙනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී විපක්ෂ නායක සජික් ප්‍රේමදාස  තමන්ද මෙම කමිටුවට සහභාගී වූ බවත් අනුර කුමාර දිසානායකගේ සභාව කල් තැබීමේ යෝජනාව හෙට දවසේ විවාදයට ගැනීමට කාරක සභාවේදී ගත් තීන්දුව වලංගු නොවන්නේ දැයි ප්‍රශ්න කළේය..

“ගරු අනුර දිසානායක මන්ත්‍රිතුමා එදා කමිටු රැස්වීමේදී ඉල්ලා සිටියා විවාදයට දිනයක් නියම කරන්න. පක්ෂ නායක රැස්වීමේදි එකඟතාවට අනුව කටයුතු නොකරනවානම් මොනවටද බිස්නස් කමිටි තියන්නේ ඕන. මන්දිරේක ගිහින් තීන්දු කරන්න පුළුවන්. මේකේ ගන්න තීන්දු තීරණ වලංගුද නැද්ද? කතානායකතුමා ඔබතුමා රූකඩයක් නෙවෙයි. රූකඩ නටවනවා අපේ රටේ කතානායක නටවන්න පුළුවන්ද? එකුමා රූකඩයක් නෙවෙයි. චමල් රාජපක්ෂත් ඇමතිතුමත් මේ කමිටුවේ සිටියා.   ඔක්කොම ඉඳල තමයි දිනේ දුන්නේ“ යයි සඳහන් කළේය.

මෙම විවාදයේදී සභානායක දිනේෂ් ගුණවර්ධන මෙම විවාදය පිළිබඳව පක්ෂ නායක රැස්වීමේ සහ පාර්ලිමේන්තු කටයුතු කමිටු රැස්වීමේ කාර්ය සටහන්වල පැහැදිළිව තිනෙවා යයි පෙන්වා දුන්නද අනුර තකුමාර දිසානායක මන්ත්‍රිවරයා එය ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ එම වාර්තා තවමත් අනුමත නොකළ ඒවා බවයි.

කෙසේ වුවද අවසානයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මෙතන යම් පටලැවිල්ලක් පවතින බැවින් අද දහවල් 12.00ට පක්ෂ නායක රැස්වීමක් කැඳවා අවසන් නිගමනයට එලඹීමට තීරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩෙල්ටා බිය සහ නිරෝධායන නීති පොඩ්ඩක් පැත්තකින් තබා වව්නියාව බැසිල් ආගමනය සමරයි…

Next Post

මිනිස් ජාවාරම් කළැයි චෝදනා ලද කඩුගන්නාව නගර සභා සභාපතිගෙන් තම විදේශ ගමන් බලපත්‍රය අස්ථානගත වී යැයි පැමිණිල්ලක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.