අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුවේ ආහාර ද්‍රව්‍යවලින් තුනෙන් එකක් හොරකමයි   නාස්තියයි නිසා විනාශයි!…

සේවකයෝ සාක්කුවල දාගෙනත් බඩු අරන් යනවා...  පාර්ලිමේන්තුව රැස්වන දවසට නාස්තිය වැඩියි...

by editor
ජනවාරි 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සුජිත් හේවාජුලිගේ –

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ නිලධාරීන්ගේ පරිභෝජනය සඳහා ගෙන එනු ලබන  ආහාර ද්‍රව්‍යවලින් සියයට  30ක් පමණ  නාස්තිය සහ දූෂණය නිසා  අහිමිවන බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ හේතුවෙන් වසරකදී රජයට සිදුවන පාඩුව  රුපියල් කෝටි දෙක ඉක්මවන බවද  එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු සංකීර්ණයට ගෙන එන ආහාර ද්‍රව්‍ය  හොර රහසේ පිට  කිරීමේ සිද්ධීන් වැඩිවී ඇති හෙයින් එමගින්ද  විශාල වශයෙන් පාඩු සිදුවන බව වාර්තා වේ.

පාර්ලිමේන්තු සේවකයන්  ඇතුළට එද්දී පරීක්ෂාවට ලක් වුවත් පිටව යද්දී එසේ පරීක්ෂාවට ලක් නොවන හෙයින්  මෙම ජාවාරම්වලට එය  ලොකු පිටුබලයක්වී ඇතැයි  දැනගන්නට ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සමහර සේවකයන්  සිය සාක්කුවල පවා ආහාර ද්‍රව්‍ය ඉතා කුඩා ප්‍රමාණ  වශයෙන්  දමාගෙන පිටතට රැගෙන යන බවද කියති.

සේවකයන් නිවෙස්වලට රැගෙන යමින් තිබූ බස් රථයක් කලකට පෙර  පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට  ඇති පොකුණට පෙරළී ගියේය. මේ අවස්ථාවේදී පොකුණට වැටී  පාවෙමින් තිබූ ආහාර ද්‍රව්‍ය සහ  ලිපි ද්‍රව්‍ය  රැසක් ආරක්ෂක අංශ විසින් සොයා ගනු ලැබූ අතර  එම ආහාර ද්‍රව්‍ය සහ ලිපි ද්‍රව්‍ය  එසේ හොර රහසේ රැගෙන යමින් තිබූ ඒවා බව ඒ අවස්ථාවේදී කළ සොයා බැලීම්වලදී   හෙළිවී යැයි එම නිලධාරියා ප්‍රකාශ කළේ‍ය.

” පාර්ලිමේන්තුවේ ආහාර ද්‍රව්‍ය සහ ලිපිද්‍රව්‍ය පිටවීම කාලයක් තිස්සේ සිදුවන දෙයක් . සමහරුන් හාල්මැස්සො ටික, මාලු කෑල්ල,  බනිස් ගෙඩිය පවා සාක්කුවල බෑග් වල දාගෙන  ගෙවල්වලට ගෙනි යනවා.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ආහාර නාස්තිය වැඩි වශයෙන් සිදුවන්නේ පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී බව පාර්ලිමේන්තුවේ විගණන අංශය  සොයාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ  කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂාණී රෝහණදීරගෙන්   කළ විමසුමකදී ඇය සඳහන් කළේ පාර්ලිමේන්තුවෙ ආහාර නාස්තිය වැලැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

මන්ත්‍රීවරුන් සහ කාර්යමණ්ඩල සාමාජිකයන් පැමිණෙන සංඛ්‍යාව ගණනය කර ඒ අනුව ආහාර පිළියෙළ කරන ලෙස  අදාළ නිලධාරීන්ට උපදෙස්දී ඇතැයිද  ඇය සඳහන් කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෘෂිකර්මයෙ ඉන්නෙ මාෆියා කාරයෝ… හැප්පෙන්න ලෑස්තියි… මහින්දානන්ද කියයි!

Next Post

තව සති තුනක් ගෑස් පෝලිම්වල ඉන්න වේවි… ලිට්‍රෝ සභාපති කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.