බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාරම්පරික වගාවැඩට උදළු දාන්න එපා යැයි ජනපතිගෙන් නිලධාරීන්ට නියෝගයක්

by Lanka Sara Editor
ජනවාරි 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාරම්පරික වගා වැඩට බාධා නොකරන්නැයි වනජීවි, වන සංරක්ෂණ, පරිසර, පොලීසිය ඇතුළු සියලු ආයතනවල නිලධාරීන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.

එසේ වුවද කිසිවෙකුට අලුතින් කැලෑ එළි කොට වගා කිරීමට කිසිදු අවසරයක් නැති බව ජනාධිපතිවරයා අවධාරණය කරනු ලැබිණ.

ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීනට පූර්ණ අනුමැතිය දෙන බව ජනාධිපතිවරයා පැවසීය.

“ගම සමග පිළිසඳර” 06 වැනි වැඩසටහනට පැමිණ සිටි ගොවි ජනතාව නිරතුරුව මතු කළ ගැටළුව වෙත අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා විසින් මේ තීරණය ගනු ලැබීය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

පොළොන්නරුව වන අලි තර්ජනයට මුහුණදෙන ප්‍රධානතම දිස්ත්‍රික්කයකි. ජනතාව දීර්ඝ කාලයක සිට මුහුණ පා සිටින මේ ගැටළුව නිසි ලෙස අවබෝධ කොට ගෙන ස්ථීර විසඳුමක් ලෙස අගල් සහ විදුලි වැට ඉදිකිරීම යන ක්‍රම දෙකම ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

දිස්ත්‍රික්කයේ පාසල් රැසක සංවර්ධන වැඩ ඇණ හිට තිබීම නිසා සිසුන්ගේ අධ්‍යාපනයට සිදුව ඇති හානිය ජනතාව පෙන්වා දුන්හ. ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා දිවයිනේ සියලු පාසල්වල අතරමග නතර කර ඇති සියලු සංවර්ධන වැඩ කඩිනමින් නිම කරන්නැයි බලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඊයේ (16) පෙරවරුවේ පොළොන්නරුව, මැදිරිගිරිය, වෙඩිකච්චිය ග්‍රාමයේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිවරයා විසින් මේ තීරණ ගන්නා ලදී. ජනාධිපති රාජපක්ෂ මහතා හඳුන්වා දුන් “ගම සමග පිළිසඳර” වැඩසටහනේ හය වැන්න මෙයයි.

2020 සැප්තැම්බර් මස 25 වැනි දින බදුල්ල දිස්ත්‍රික්කයෙන් වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුර, අනුරාධපුර සහ අම්පාර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වැඩසටහන් 05ක් සංවිධාන කෙරිණ.

මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවූ ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටළු විමසා විසඳුම් පිණිස ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානයට යොමු කළේය. කඩිනම් විසඳුම් දිය හැකි ගැටළු වහාම නිරාකරණය කළ අතර, විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබීය.

පොළොන්නරුව නගරයේ සිට කි.මි 45ක පමණ දුරින් පිහිටි මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිකච්චිය ග්‍රාමය මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ “ඩී” කලාපයට අයත් වේ. සමගිපුර, දර්ශනපුර, දහම්වැව සහ පේරමඩුව යන ගම්මානවලින් සමන්විත මෙහි විශාලත්වය වර්ග කි.මි. 79කි. පවුල් 723කින් යුත් ගම්මානයේ ජනගහණය 2561කි. කෘෂිකර්මාන්තයේ සහ ස්වයං රැකියාවල නිරතවීම වෙඩිකච්චිය ඇතුළු අවට ගම්මාන රැසක ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ. වගා ජල හිඟය නිසා වී වගාව මහ කන්නයට පමණක් සීමා කිරීමට සිදුව තිබීම ගැමියන් මුහුණ පාන ගැටළු අතර ප්‍රධාන ස්ථානයක් ගනී. එබැවින් යල කන්නයේදී ගමින් පිටව ගොස් කුමන හෝ කුලී වැඩක නිරතවීමට ඔවුන්ට සිදුව තිබේ.

අත්‍යාවශ්‍ය පහසුකම් පවා රහිත වෙඩිකච්චිය ග්‍රාමයේ දැන් තිබෙන නිවාස වෙනුවට නව නිවාස ඉදිකර දෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ගැමියන් දීර්ඝ කාලයක සිට මුහුණ දුන් වගා ගැටළුවට විසඳුමක් ලෙස ඇල වේලි සහ වැව් කඩිනමින් පිළිසකර කොට කන්න දෙකටම වගා ජලය සැපයීමට පියවර ගන්නැයි දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියට හා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

මැදිරිගිරිය – වටදාගෙය ප්‍රදේශයේ වගාවන්ට මුවන්ගෙන් වන හානිය පිළිබඳවද ජනතාව පෙන්වා දුන්හ. ඊට පිළියම් ලෙස මුවන් වෙසෙන කැලෑ ප්‍රදේශය කොටුකර දැල් වැටක් ඉදිකිරීමට තිරීණය කෙරිණ. ඒ සඳහා ප්‍රතිපාදන සැලසීමට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා එකඟ විය.

අ.පො.ස (උ.පෙ) විභාගය අවසන් කරන දරුවන් වෙනුවෙන් වෘත්තීය පුහුණු අවස්ථා උදා කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. විෂය භාර රාජ්‍ය අමාත්‍යවරිය මේ පිළිබඳ දැනුවත් කොට වෘත්තීය පුහුණු අවස්ථා ඇති කරන බව රාජපක්ෂ මහතා පැවසීය.

ප්‍රදේශයේ පානීය ජල අවශ්‍යතාව ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට ලක් විය. කවුඩුල්ල වැව ආශ්‍රිතව ජල පවිත්‍රාගාරයක් ඉදිකර, ජල නල එලා පවුල් දස දහසකට ජලය සැපයීමට ආරම්භ කර ඇති ව්‍යාපෘතිය 2021 වසර අවසන්වීමට පෙර නිම කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

විදුලි බිල්පත් ගෙවීමට නොහැකි පාසල් සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා “සූර්ය බල විදුලි පද්ධති” සම්පාදනය කොට නොමිලේ සපයන්නැයි හෙතෙම විසින් විදුලිබල නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබිණ.

ප්‍රදේශයේ පාසල්වල සහ රෝහල්වල පවතින අඩු පාඩු සම්පූර්ණ කිරීමටත්, ප්‍රධාන සහ අතුරු මාර්ග රැසක සංවර්ධන කටයුතු කඩිනම් කිරීමටත් නියම කෙරිණ.

ජනාධිපතිවරයා “ගම සමග පිළිසඳර” වැඩසටහනට සමගාමීව මැදිරිගිරිය, බිසෝපුර මහවැලි ප්‍රාථමික විද්‍යාලය විවෘත කිරීමටද එක් විය. විද්‍යාලය ඉදිකිරීමට මුලිකත්වය ගෙන කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එය විවෘත කරන ලෙස ජනාධිපතිතුමා ඇරයුම් කළේය.

ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් ආයතනය පරිත්‍යාග කළ පරිගණක යන්ත්‍ර 02ක් සහ ඩයලොග් ආයතනය ප්‍රදානය කළ රූපවාහිනි යන්ත්‍රයක් ජනාධිපතිවරයා අතින් විදුහල්පතිවරයාට භාර දෙනු ලැබිණ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් වෙඩිකච්චිය “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාවෙන්ම නෝර්වේ වැඩිහිටියන් 23ක් මරුට

Next Post

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ගැන ජාත්‍යාන්තර සංවිධාන දැනුවත් කරනවා..

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.