සූරියවැව නුවන් ජයසේකර
ලුණුගම්වෙහෙර මුවන්වැවදී පා පැදියට හුලං ගහන්න පොම්පයක් ඉල්ලා ගැනිමට අසල නිවසකට ගිය බාල වයස්කාර සිසුවෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනය කල 54 හැවිරිදි දෙදරු පියෙකුට රුපියල් 19,000ක දඩයක්,රුපියල් 40,000ක වන්දියක් හා වසර 17ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් හම්බන්තොට මහාධිකරණය ඊයේ (09) සවස නියම කෙරුණි.
මෙලෙස දඩ, වන්දි හා සිර දඩුවම් නියම වුයේ ලුණුගම්වෙහෙර මුවන්වැව පදිංචි 54 හැවිරිදි අජන්ත කුමාර රත්නායක නැමති දෙදරු පියෙකුටය.
2012.01.01 වන දින 11 හැවිරිදි බාලවයස්කාර පාසැල් සිසුවෙකු සිය පා පැදියට හුලං ගැහීමට අසල පිහිටි චුදිතගේ නිවසකට ගොස් තිබේ. එහිදි චුදිත පුද්ගලයා හුලං ගහන්න පොම්පය ගේ ඇතුලේ ඇති බව පවසා බාලවයස්කාර දරුවා ගේ තුළට ගිය පසු ඔහුව බලහත්කාරයෙන් නිවසේ කාමරයක් තුළට රැගෙන ගොස් අපයෝජනය කර ඇත.
අදාල චුදිත පුද්ගලයා මෙම බාලවයස්කාර දරුවා අපයෝජනය කිරීමේන් පසු ඒ පිළිබදව කිසිවෙකුටත් නොපවසන ලෙසත්, කිසියම් අයෙකුට මේ පිළිබදව කිව්වොත් මරා දමන බවටද තර්ජනය කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දරුවා සිය දෙමාපියන් දැනුවත් කිරිමෙන් පසු සිද්ධිය පිළිබදව ලුණුගම්වෙහෙර පොලිසියට පැමිණිලි කර ඇත. එහිදි පොලිසිය විසින් චුදිත පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නිතිපති වරයා විසින් චුදිත පුද්ගලයාට එරෙහිව අධිචෝදනා 04ක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරණ ලදි.
ඒ අනුව පැවති නඩු විභාගයේදී චුදිත පුද්ගයා චෝදනා 03ක් සදහා වැරදිකරු බවට සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත්විය.ඒ අනුව මහාධිකරණ විනිසුරු වරයා චුදිතට පහත පරිද දඩුවම් නියම කෙරුණි.
පළමු චෝදනාව සදහා වසර 01ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කල අතර රුපියල් 5000ක දඩයක් නියම කෙරුණි. චුදිත දඩ නොගෙවන්නේ නම් මාස 06ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.
02 හා 03 චෝදනා සදහා වසර අට බැගින් වසර 16ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.මිට අමතරව රුපියල් 7000 බැගින් 14000ක දඩයක්ද නියම කෙරුණු අතර දඩ නොගෙවන්නේ නම් මාස 08 බැගින් මාස 16ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.
ඉහත දඩුවම්වලට අමතරව අගතියට පත් බාලවයස්කාර දරුවාට රුපියල් 40,000ක වන්දි මුදලක් ගෙවන ලෙසටත් චුදිතට නියම කෙරුණු අතර චුදිත එම වන්දි මුදල නොගෙවන්නේ නම් ඉහත දඩුවම්වලට අමතරව තවත් වසර 02ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.
1,2, හා 3 චෝදනා සදහා චුදිතට නියම කෙරුණු මුලික සිර දඩුවම් වසර 08කින් සමගාමීව ගෙවි යා යුතු බවටද මහාධිකරණ විනිසුරු වරයා බන්ධනාගාර අධිකාරී වරයාට නියම කෙරුණි.
නිතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ අනුරාධ විජේසුරේන්ද්‍ර පෙනී සිටියේය.