පාකිස්ථානයට පසුගියදා බලපෑ දරුණු ගංවතුර තත්ත්වයක් සමග එරට ගොවිබම්, නිවාස ඇතුළු දේපල රැසක් විනාශයට පත්වීම හේතුවෙන් යලි සිය ආර්ථිකය පන ගැන්වීමට විශාල විදේශ ණය පහසුකම් අපෙක්ෂා කරන බවට වාර්තාවේ.
ඒ අනුව දැනට ඇස්තමේන්තු කර ඇති අන්දමට ගංවතුරෙන් ඇමරිකානු ඩොලර් බිලියන 40ක පාඩුවක් පාකිස්ථානයට සිදුව ඇති අතර ඇතැම් විට එම අගය ඉහළ යෑමටද හැකියාව පවතින බවට එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ ඉස්ලාමාබාද් පාලනය ඩොලර් බිලියන 130 ක් පමණ වටිනා එහි බාහිර ණය නැවත සැලසුම් කිරීමට උත්සාහ නොකළද ගංවතුරින් කඩා වැටුනු පාකිස්ථාන ආර්ථිකය නඟා සිටුවීම සඳහා “විශාල මුදල්” අවශ්‍ය බව අගමැති ෂෙබාස් ෂරීෆ් පවසා ඇති බවයි.
“අපි කිසිම ආකාාරයකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් හෝ ණය ගෙවීම නතර කිරීමක් වැනි කිසිම ආකාරයක පියවරක් ඉල්ලා සිටින්නේ නැහැ,” යනුවෙන්ද පාකිස්ථාන අග්‍රාමත්‍ය ෂරීෆ් ෆිනෑන්ෂල් ටයිම්ස් වෙත පැවසීය
මෙම මස ආරම්භයේදී පාකිස්ථානයෙන් දේශගුණික විපර්යාස අමාත්‍ය ශෙරී රෙහෙමන් පැවසුවේ, ගංවතුරින් විපතට පත්වූවන්ට සහන සැලසීමේ ගැටලුවක් පවතින බැවින් ඒ සඳහා වූ ආධාර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔස්සේ ලබා ගැනීමට අපෙක්ෂා කරන බවයි.
පකිස්ථානය දේශගුණික විපර්යාස සඳහා ලෝකයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි රටවල් 10 න් එකකි, නමුත් පාකිස්ථාන පසුගියදා එරටට බලපෑ ආකාරයේ මහා පරිමාණයේ ව්‍යසනයකට සූදානම් ව නොසිටි අතර එය එරට ආර්ථීකය උඩුයටිකුරු කිරීමට සමත්විය.