පාකිස්තානයේ ක්‍රියාත්මක සටන්කාමීන් කණ්ඩායමක් අෆ්ගනිස්තාන දේශ සීමාවට ආසන්නයේ පිහිටි මන්ජි ඛේල් ප්‍රදේශයේ තෙල් හා ගෑස් ගවේෂණ ස්ථානයකට ප්‍රහාර එල්ල කර තිබේ.
මෙම ප්‍රහාරයෙන් එම ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරීන් හය දෙනෙකු මරණයට පත්ව ඇති බව පාකිස්තාන පොලිසය ප්‍රකාශ කළේය. මෙම ගවේෂණ ස්ථානය පාකිස්ථානයේ එම්.ඕ.එල්. තෙල් සමාගම විසින් පවත්වාගෙන ගොස් තිබේ.
පොලිසය සඳහන් කළ පිරිදි සටන්කාමීන් විසින් එම්.අට සහ එම් දහය ලෙස හඳුන්වන ලබන තෙල් ලිං දෙකක් ඉලක්ක කරගනිමින් රෝකට්, අත්බෝම්බ සහ බර අවි යොදාගෙන ප්‍රහාර එල්ල කර ඇත.
පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරන අන්දමට ප්‍රහාරයේ වගකීම නීතිවිරෝධී සංවිධානයක් වන තාරීක් අයි තලේබාන් පාකිස්ථාන සංවිධානය විසින් භාරගෙන තිබේ.
මේ අතර පාකිස්තාන ත්‍රස්ත මර්ධන ඒකකය සඳහන් කර සිටියේ නවීන අවිවලින් සන්ද්ධ වූ සටන්කාමීන් 15ත් 20ත් අතර පරිසක් උතුරු වසිරිස්තාන් දිස්ත්‍රික්කයට යාබද කඳු තරණය කර සඳුදා රාත්‍රියේ තෙල් හා ගෑස් ස්ථාන වල සිටි ආරක්ෂකයින්ට වෙඩි තැබූ බවයි.
පැය දෙකක පමණ කාලයක් වෙඩි හුවමාරුව පැවති අතර, වෙඩි හුවමාරුවෙන් පසු ප්‍රහාරකයෝ පලා ගිය බව පාකිස්තාන ආරක්ෂක අංශ සඳහන් කරයි.
මෙම ප්‍රහාරයත් සමඟ පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත. එමෙන්ම එරට ත්‍රස්ත ක්‍රියාත්මක ත්‍රස්ත කණ්ඩායම් සතුව නීවන අවි පැවතීමත් ඔවුන් දිගින් දිගටම සිවිල් ජනජීවිතය අඩාල කිරීමට කටයුතු කිරීමට දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කර තිබේ