විදේශීය නැව් සමාගම් විසින් පාකිස්තානය සඳහා ඔවුන්ගේ සේවාවන් සැපයීම නවතා දැමීමේ අවදානමක් නිර්මාණය වී ඇති බව පාකිස්තාන නැව් සමාගම් වල නියෝජිතයින් එරට රජයට අනතුරු අඟවා තිබේ.
පාකිස්තාන බැංකු විසින් නැව් සමාගම් වෙත හිමිවිය යුතු ගාස්තු ගෙවීම ප්‍රතික්ෂේප කිරීමත් සමග මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බව අදාන නියෝජිතයන් පෙන්වා දී ඇති බවද පාකිස්තාන මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.
ඒ් අනුව මෙම තත්ත්වය හමුවේ පාකිස්ථානයේ සියලුම අපනයන කටයුතු ඇණහිටීමේ අවධානමක්ද නිර්මාණය වී ඇති බවත අදාල නියෝජිතයන් රජයට පෙන්වා දී තිබේ.
මේ අතර පාකිස්ථාන නාවික නියෝජතයින්ගේ සංගමයේ සභාපති අබ්දුල් රවුෆ් එරට වාණිජ අමාත්‍ය සෙයිඩ් නවීඩ් නමාර්, සමුසමුද්‍රීය කටයුතු අමාත්‍ය ෆයිසාල් සබ්ස්වාරි සහ පාකිස්තාන රාජ්‍ය බැංකුවේ ප්‍රධානී ජමීල් අහමඩ් වෙත ලිපි ලියා ඇත. අබ්දුල් රවුෆ් අදාළ සියලුම අමාත්‍යවරුන් සහ දෙපාර්තමේන්තු වලින් ඉල්ලා සිටියේ නැව් සමාගම් වෙත අදාල ගෙවීම් කිරීමට අවසර ලබාදීඹ මගින් පකිස්ථාන ජාත්‍යන්තර වෙළෙදාමේ ඉදිරි පැවැත්ම සනාථ කෙරනු ඇති බවයි.
පාකිස්ථානයද මේවන විට ශ්‍රී ලංකාවට සමාන දැඩි විදේශ විනිම අර්බුදයකට මුහුණ දී සිටින අතර ඒ් හේතුවෙන් සමස්ථ ආර්ථීකය කඩා වැටීමකට ලක්ව තිබේ. මෙම තත්ත්වය හමුවේ එරට බැංකු පද්ධිතය විදේශීය ගෙවීම් සඳහා අනුමැතිය ලබාදීමට දැඩි නීති පනවා ඇති බැවින් මෙම නාවික සේවා සඳහා ගෙවීම් කිරීමේ ගැටලුව නිර්මාණය වී තිබේ.