බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රේමලාල්ගේ ජයපැන් දුටු පුෂ්පාගේ කඳුලු නොදුටු දේශපාලන නොමිනිස්සු

චොකා මල්ලීට මරණ දඬුවම කැන්දූ මරණයේ හිමිකරුගේ බිරිඳ ලංකාසරට කියන කතාව

by Lanka Sara Editor
සැප්තැම්බර් 8, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • “මෛත්‍රී ජනපති ළඟට ගියා. තලතා බලා ගනී කිව්වා”
  • “රනිල් අගමැතිතුමා හම්බවෙන්නවත් ලැබුණේ නෑ”
  • “මහත්තයා ගේ මරණින් පස්සේ මිනිස්සු අපිට හරියට කරදර කළා”

 

පැල්මඩුල්ලේ කහවත්තේ අද රතිඥ්ඤා හඬින් ගිගුම් දුන් බව වාර්තා විය. ඒ ලක්ෂයකට වැඩි දෙනෙකු තමන්ගේ මනාපය දී පාර්ලිමේන්තු යැවූ මහජන නියෝජිතයා දිවුරුම් දීමේ ප්‍රීතිය සමරන්නටය. තමන් විසින් විශාල ජනවරමක් ලබා දුන්නද ඡන්ද රැස්වීමකට වේදිකාව සරසමින් සිටි තමන්ගේම පළාතේ වැසියකු වෙඩි තබා මරා දැමීම හේතුවෙන් මරණ දඬුවම ලබා පාර්ලිමේන්තු යන්නට බැරිව සිටි තමන් ගේ නියෝජිතයාගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය නිසා ඔවුන්ට රතිඤ්ඤා පුපුරුවා කැවුම් කිරිබත් කා ජය පැන් බොමින් සතුටු කඳුළු වගුරවන්නට හැකි වී ඇත.

ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයකු ලෙස අද දිවුරුම් දුන් අවස්ථාව

මේ සිදුවීම්වලට එල්ල වන මාධ්‍ය කැමරා ඇස නොගැටුණු විශේෂ තැනකට ලංකාසර යොමු විය.

2015 ජනවාරි මස 05 වැනිදා සිදුවූ මේ වෙඩි තැබීමෙන් මියගියේ ශාන්ත දොඩම්ගොඩ ලෙසින් එම ප්‍රදේශයේ ජනප්‍රිය චරිතයක් වූ දොඩම්ගොඩගේ සුනිල් පෙරේරාය. ඔහුගේ පවුලේ අය වාසනාවකට අද ඔවුන් ශාන්ත ජීවත් වන කාලයේ සිටි කහවත්ත වැල්ලඳුර ප්‍රදේශයේ නැත. අපි ශාන්තගේ ප්‍රිය බිරිඳ ඉන්නා තැනක් සොයා ගන්නට තරමක් වෙහෙස වීමු. ඇය මේ වනවිට සිටින්නේ කොළඹට නුදුරු ප්‍රදේශයක තම වැඩිමහල් දියණියගේ නිවසේය. ඇය නමින් පුෂ්පා ය. අපි පුෂ්පාට ද කතා කළෙමු.අපට ඕන වුණේ අද චොකා මල්ලී නැමැත්තා පාර්ලිමේන්තුවේ දිවුරුම් දී ජයපැන් බොද්දී අදටත් කඳුළු බොන මේ වෙඩිල්ලෙන් මිය ගිය ශාන්තගේ පවුලේ අයගේ තත්ත්වය පිළිබඳව රටට කියන්නටය. සැබැවින්ම ඒ කතාව අපට මේ නරුම කාලකණ්ණි දේශපාලනය තිත්ත කරවන තවත් ප්‍රබල උත්ප්‍රේරකයක් සේ පෙනේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අවමඟුල දා

අප කතා කොට සුව දුක් අසන තෙක් කිසිදු කෙනකු පුෂ්පාගේ පවුලේ කාටවත් අඩුම තරමේ දුරකථන ඇමතුමක්වත් ලබා ගෙන නැත.

එහෙත් පුෂ්පා කීවේ මෙවැනි කතාවකි.

“අනේ ඔයලා විතරයි අපිට කතා කළේවත් .මේ වලාවේ අපට මොනවද වෙන්නේ කාගෙන්වත් කරදරයක්ද කියල අහන්නවත් කෙනෙක් ඇත්තටම නෑ. අපිට මහත්තයාගේ මරණෙන් පස්සේ පුදුමාකාර විදිහට අසරණ වුණා. මම රැකියාවක් කළෙත් නෑ. දරුවන් රැකියා කළෙත් නෑ. මහත්තයාගේ මරණෙ වෙලාවේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයා,රනිල් වික්‍රසිසංහ මහත්තයා අමැති අමැතිවරු ලොක්කෝ ඔක්කොම ආවා. අපිට ඔක්කමෙ කරල දෙනවා කියල පොරොන්දු වුණා. ඒත් කිසිම දෙයක් වුණේ නෑ. තුන් මාසේ දානේ වෙනකොට ඔක්කොටම මේ සිද්ධිය අමතකයි. තුන් මාසෙ බණට හරි ආවේ තලතා අතුකෝරළ මහත්මිය විතරයි. මට වැඩි දෙයක් ඕන කළේ නෑ.මගේ දරුවන්ට මොනව හරි ගැලපෙන රස්සවාක් දෙන්න කියල ඉල්ලුවේ. මට අගමැතිතුමා හම්බවෙන්න උත්සාහ කළත් හම්බවෙන්නවත් බැරි වුණා. අමාරුවෙන් උත්සාහ කරල ජනාධිපතිතුමා හම්බවුණා. ඒත් එතුමා තලතා ඔක්කොම කරන්නම් කියල බාරගත්තානේ එයා ඔක්කොම කරල දෙයි කියල ඇඟ බේර ගත්තා.අන්තිමට තලතත් නෑ ජනාධිපතිත් නෑ.

තවත් බොහෝ අය මම ගිහින් හම්බ වුණා. රවී කරුණානායක කබීර් හෂීම් ඇමතිතුමාලා ගෙන් උදව් ඉල්ලුවා. ඔවුන් කිසි දෙයක් කර දුන්නේ නැහැ.”

ශාන්ත දොඩම්ගොඩ ගේ පවුලේ සාමාජිකයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාව

ඇයගේ සැමියා මිය යන්නේ 2015 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස තරග කළ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රැස්වීමක සැරසිලි කටයුතුවල යෙදෙමින් සිටින වෙලාවේදීය. ඔවුන්ගේ දේශපාලන නායිකාව වූයේ තලතා තුකෝරාළය. ශාන්තගේ මරණය මොහොතේ පැමිණි අගමැතිවරයාට තලතා ශාන්තගේ පවුලේ අය හඳුන්වා දුන්නේ මේ අය එක්සත් ජාති පක්ෂයට කවදත් ලැදි පළාතට වැඩක් කරන අය ලෙසය. ඒ නිසා මේ පවුලට උපරිම යුක්තිය ඉටු කළ යුතු බව ඇය කීවාය. තලතා අතුකෝරාළවත් අඩුම තරමින් කතා කළේ නැද්දැයි අප ඇසූ කල අයට හැඬුම් ආවේය. ඒ ශාන්ත පමණක් නොව ඇයද එ.ජා.පය වෙනුවෙන් දරදිය ඇද්ද කාත්තාවක වීම නිසාය. පුෂ්පාද එක්සත් ජාතික පක්ෂයේ ලක් වනිතා රත්නපුර දිස්ත්‍රික්කයේ ලේකම්වරියක ලෙසද කටයුතු කර ඇත.

පුෂ්පාටත් තම දරුවන් තිදෙනාටත් ඒ නිවසේ ජීවත් වීමද ප්‍රශ්නයක් වී තිබේ. ඊට හේතුව නාය යාමේ අනතුරක් නිසා එම නිවාසවලින් ඉවත් වන ලෙස අනතුරු ඇඟවීමය. ඊට අමතරව ප්‍රේමලාල් ජයසේකර ඇප මත පැමිණි කාලයේ සිට ඔහුගේ පාර්ශ්වයේ පුද්ගලයන් ගෙන් විවිධ තාඩන පීඩන රැසක් ඔවුන් වෙත එල්ල වී ඇත.

“ ඒ පැත්තේ සමහර මිනිස්සු ඉතාම කැත විදිහට සැලකුවා. අපේ ගේ ඉදිරිපිටින් අශීලාචාර ලෙස යන්න එන්න ගත්තා ළමයින් ගැටුම්වලට මැදි කරවගන්න උත්සාහ කළා ගෙදර දාල එන්න මේ හේතුත් බලපෑවා. අපි හිතුවා අපිට තවත් ප්‍රශ්න අතිවෙයි කියල.

එහෙත් ඔවුන්ට යන්නටත් තැනක් තිබුණේ නැත. තලතා අතුකෝරාළ මහත්මිය මෙම නඩුවට නීතීඥයන් දෙන බව පවසා ඇත. එසේ වුවද ඒ නීතීඥයාද පැමිණ ඇත්තේ දින දෙකක් පමණි. හැම නඩු දිනයකම උසාවියට ගොස් තිබුනේ පුෂ්පාත් ඇයගේ වැඩිමහල් දියණියත් පමණි.

“ හැම නඩු දවසකම උසාවියට ගියේ මමයි දුවයි විතරයි.අපේ මිනිස්සු කවුරුත් ආවේ නෑ. අපට තර්ජන තිබුණා. අපට විවිධ අඩන්තේට්ටම් කළා. හරියට අපි චොකා මල්ලිට වෙඩි තිබ්බ වගෙයි තමයි ඒ අය හැසිරුණේ ඔවුන් උසි ගන්වන්න කොටසක් හිටියා. දවසක් මගේ ප්‍රතාවත් ගැටුමකට පටළවා ගන්න උත්සාහ කළා. ඔහුට පහර දුන්නා තුවාල කළා. ඊට පස්සේ මම මගේ යාලුවකුගේ උදව්වෙන් දරුවා විදේශ ගත කළා. සැලකිය යුතු මුදලක් ඒකට වියදම් කළා.ඒ වෙනුවෙන් ගේ ත් උගස් කළා.“

අවමඟුල පැවති දිනවල දී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගි වී පවුලේ සාමාජිකයන් හමු වූ අවස්ථාව

එහෙත් ඔවුන් පැවති රජයේ අධිකරණ ඇමති ධුරය සේම විදේශ රැකියා පිළිබඳ අමාත්‍ය ධුරය දැරූ තලතා අතුකෝරළගේ සමීපතම දේශපාලන ආධාරකරුවන්ය. අනෙක පුෂ්පා ගේ පවුලේ අය ඡන්ද දෙන්නට ගියේ මේ ඡන්දය වෙනුවෙන් මේ දේශපාලන අමනයන්ගේ උණ්ඩයට බිලි වූ තම අහිසංක සැමියාගේ අවසන් කටයුතු මැදය. මේ මරණයටද දේශපාලකයන්ට ඒ වෙලාවේ ආශිර්වාදයක් වන්නට ඇත.

ශාන්ත දොඩම්ගොඩ කහවත්තේ තේ වතුයායක ගබඩා පරිපාලකයකු ලෙස සේවය කළ අතර මුළු පවුලම රැකුණේ ඔහුගේ ජීවිකාවෙනි. ඔවුන්ට ලොකු වත්කමක් තිබුණේ නැත. මිය යන විට 57 වැයේ පසුවූ ශාන්ත ඒ පළාතේ කාගේත් හිත දිනාගෙන සිටි පුද්ගලයකු බව ප්‍රකටය.

“ අපේ මහත්තයා දේශපාලනය කළාට පක්ෂ බදාගෙන වැඩ කළේ නෑ. .ඒත් එදා වැඩ ඇරිල ඇවිත් මේ රැස්වීමේ සැරසිලි කරපු යාළුවෝ එක්ක ඊට පොඩ්ඩක් උදව් කරමින් ඉද්දී තමයි ඇවිත් වෙඩි තියල තියෙන්නේ“

කෙසේ වුවද ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේනතු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම ගැන ඇයට කුමක් සිතෙන්නේ දැයි අපි ඇසුවෙමු.

“ ඇත්තටම මට මේ රට ගැන හරිම කලකිරීමක් දැනෙනවා. මම සැමියගේ මරණය සම්බන්ධ මේ නඩු තීන්දුව දෙන වෙලාවේ ඒක අහගෙන හිටියා. ඒකේ ඔවුන්ට තිබුණු චෝදනා එක එක කියවා දඬුවම් නියම කළා. මරණ දඬුවම විතරක් නෙවෙයි වසර ගාණක් හිරගත වීමත් මේ දඬුවම තුළ තිබෙනවා. අපි හිතුවා මේ ජනාධිපතිතුමා ආවම වත් මේ රට යහපත් රටක් වෙයි කියල. ඒත් මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට යවන තරමට අපේ රට පිරිහිලා. මේ සිද්ධියේදී මගේ මහත්තයා මැරුණා. තවත් දෙන්නෙක් තුවාල වුණා. කොච්චර බරපතල සිද්ධියක්ද? මට මේ සිදුවීමත් එකක් මුළු ලංකාව ගැනම ලොකු කලකිරීමක් ඇතිවුණා.

දැන් මගේ මහත්තයා මිය ගිහින්. ඒක වේදනාව තියෙන්නේ අපට. අපි අහිංසක මිනිස්සු. අපටත් හිතක් පපුවක් තියන අය. වුණේ මොකක්ද කියලත් රටම දන්නවා. නීතියෙන් මොන දේ වුණත් මේවා කරපු අයගේ හෘද සාක්ෂියට මොන සාක්ෂියක්වත් හංගන්න බැරි වේවි. අපි දුක් වෙනවා. ඉවසීම සහ කලකිරීම හැරෙන්න වෙන දෙයක් හිතෙන්නේ නෑ. කොහොම ජයපැන් බිව්වත් මේ කරපු අයට දිට්ඨ ධම්මවේදනීයව මේ ආත්මේදීම කර්මය පළ දෙනවා. අපිට ඒ ගැන බලාපොරොත්තු නෑ.මම අද ළමයින්ගේ පිහිටෙන් අහිංසක විදිහට ජීවත් වෙනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෛද්‍ය පීඨවලට වැඩිපුර සිසුන් 350ක් ඇතුළත් කරගැනීමට තීන්දුයි

Next Post

ලොව වටා ඇති මිදි-අඹ වර්ග උතුරේ වගාකරන්න ඉන්දීය සහය

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.