කලාකරුවන් සඳහා හදිසි අනතුරු සහ වෛද්‍ය රක්ෂණාවරණයක් හඳුන්වා දීමේ පළමු අදියර ක්‍රියාත්මක කරමින් රක්ෂණාවරණය ලබා දීම වේදිකා නාට්‍යය ක්ෂේත්රය සඳහා වෙන් කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
ප්‍රේක්ෂා ලෙස නම් කර ඇති මේ රක්ෂණ ක්‍රමය ටවර්හෝල් රඟහල පදනම විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර ඒ යටතේ සුදුසුකම් සැපිරූ වේදිකා නාට්‍යය ක්ෂේත්රයේ නාට්‍ය රචනය, අධ්‍යක්ෂණය, නාට්‍යය නිශ්පාදනය, රංගනය, අංග රචනය, පසුතල නිර්මාණය, රංගාලෝකය, රංග වින්‍යාසය, රංග වස්ත්‍ර නිර්මාණය, නාට්‍යය සංගීතය, වේදිකා කලමණාකරණය, යන අංශවල සේවයේ නියුතු වයස අවුරුදු 35-75 අතර නාට්‍ය වේදීන්ට රක්ෂණය සැපයේ
කිසිම මුදලක් අය නොකර ක්‍රියාත්මක කරන මෙම රක්ෂණාවරණය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යය හා ටවර් හෝල් රඟහල පදනමේ සභාපති අග්‍රාමාත්‍යතුමන්ගේ අධීක්ෂණය හා උපදෙස් මත සිදුවන බවත් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනය මල් ඵළ ගන්වමින් මෙම කටයුත්ත දියත් වන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදය කරයි. ජාතික උරුමය ප්‍රාසංගික කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක විසින් මේ රක්ෂණාවරණය සම්බන්ධ කටයුතු මෙහෙයවන බවත් එම නිවේදනයේ දැක්වේ.