ප්‍රාණ ඇපයේ සිටි බන්ධනාගාර නිලධාරීන් 09 නිදහස්… රිමාන්ඩ් සිරකරුවන් පිරිසක් වැලිකඩට..

සිරකරුවන් රැගෙන යද්දි බන්ධනාගාරය අසල රැස් වූ ඔවුන්ගේ ඤාතීහු හඬා වැටෙති...

නතාෂා නෙත්මිණි –

මහර බන්ධනාගාරයේ කැරළිකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගත් බන්ධනාගාර නිලධාරීන් 09 දෙනාම නිදහස් කරගත් බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මහර බන්ධනාගාර කැරලිකරුවන් විසින් ප්‍රාණ ඇපයට බන්ධනාගාර නිලධාරීන් 09 ක් රඳවා තබාගෙන දියත් කරමින් තිබූ කැරැල්ල උණුසුම් වෙමින් තිබිය දී එම ස්ථානයට පැමිණි බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහර බන්ධනාගාරයට පැමිණ තිබේ.

එහි දී මෙගා ෆෝනයක් ආධාරයෙන් කැරලිකරුවන් ඇමතූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තත්වය පැහැදිලි කර දීමත් සමග පැවති ප්‍රකෝපකාරී ගතිය යම් තරමකට මග හැරී ගොස් ඇතැයි වාර්තා වේ. ඉන් අනතුරුව කැරළිකරුවන් විසින් ප්‍රාණ ඇපයේ සිටි නිලධාරීන් 09 දෙනාගෙන් 07 දෙදෙනෙක්  මුදවා යවා ඇත. ඉතිරි නිලධාරින් දෙදෙනා අද උදේ නිදහස් කරගැනීමට සමත් වී තිබේ.


ඒ අතර මහර බන්ධනාගාරයේ රඳවා සිටි රිමාන්ඩ් රැදවියන් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යන්නට කටයුතු යොදා ඇත. ඒ වෙනුවෙන් වැලිකඩ කාන්තා බන්ධනාගාරය හිස් කර ඇති බව වාර්තා වේ. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් ඇතුළු කොවිඩ් ආසාදිත රැඳවියන් පිරිස ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත මාරු කර යැවීමට සැලසුම් කර ඇත.
මෙම රැඳවියන් පිරිස බස් රථයකින් රැගෙන යන අවස්ථාවේ බන්ධනාගාරය අසල රැදී සිටි ඥාතීන් හඬාවැටෙමින් තම පවුලේ අයගේ ජීවිත බේරාදෙන ලෙස ඉල්ලා සිට ඇත.

Exit mobile version