ප්‍රවීන ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී ය. මිය යන විට ඔහු 77 වන වියේ පසුවිය.
නිල්වන් මුහුදු තීරේ, සුමිහිරි පානේ, කැන්ඩි ළමිස්සි, කෝඩුකාර නංගිලාට විසේකාර අයියලාට, යන්න රට වටේ, චූඩා මාණිකේ බලාලා, අයිරින් ජොසපින්, සුවඳක් දැනේවි, ආදි ගීත ගණනාවකින් ඔහු අතිශය ජනප්‍රිය වූ ප්රවීනතම ගායකයෙකි.