තුෂාරී කළුබෝවිල
යළිත් වායුගෝලයේ සුළං ප්‍රවාහයේ කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට තද වැසි, තද සුළං ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිරිතදිග මෝසම සක්‍රීය වීම නිසා වායුගෝලීය වෙනසක් ඇතිවී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා ලංකසරට කීවේ ය.
මේ හේතුවෙන් සබරගමුව පළාතේ බොහෝ ප්‍රදේශවලටත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති වන බව ඒ මහතා කීවේ ය.
දිවයින හරහා තද සුළං තත්ත්වයක් ද පවතින අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල හා ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි හා සුළං පවතින අතර උතුරු මැද, වයඹ පළාත්වලත්, හම්බන්තොට, මන්නාරම, වව්නියාව, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය ආශ්‍රිත ව සුළගේ වේගය තරමක දැඩි ස්වභාවයක් ගන්නා බවත් කරුණානායක මහතා කීවේ ය.