අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රියත් නිකේශල අත්අඩංගුවට ගන්නේ ඔහුට පහර දුන් මැරයන්ට ඇප ගත හැකි නෛතික පරිසරය හදන්න… නීතිඥ නුවන් බෝපගේ…

by Lanka Sara Editor
මැයි 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මැර ප්‍රහාරයකට ලක් වූ අරගලයේ ක්‍රියාකාරීයෙක්  ලෙස සිටි පියත් නිකේශල අත්අඩංගුවට ගැනීම, ඔහුට පහර දුන් දේශපාලන චරිතයට ඇප ලබා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම වෙනුවෙන් ගත් පියවරක් බවත්, මෙම සිද්ධිය දෙපාර්ශ්වයක් අතර ඇති වූ ගැටුමක් බවට අධිකරණය ඉදිරියේ ඔප්පු කර පෙන්වීමට උත්සාහ කිරීම සඳහා පියත් අත්අඩංගුවට ගත් බවට පෙනී යන බවත්  නීතිඥ නුවන් බෝපගේ ලංකාසරට පැවසීය.

නීතිඥවරයා මෙසේදී කීවේය.

නීතිඥ නුවන් බෝපගේ….

“අපරායක් සිදු වූ පසුව සිදුවන කාර්ය පටිපාටිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් වන ආකාරයට අපරාධය පිළිබඳ අධිකරණයට සෑහීමකට පත් වන කරුණු බී වාර්තාවක් මඟින් 115, 116 වගන්තිවලට අනුව යොමු කළ යුතුයි.  එම පුද්ගලයා අතින් අපරාධයක් සිදු වෙලාද කියන එක ඒ අනුව අධිකරණය සෑහීමකට පත් විය යුතුයි.”

“මෙහිදි පියත් නිකේෂල පහර දීමක් කළ බවට කිසිදු වාර්තාවකුත් නෑ, පහර දීමට අදාළව වීඩියෝ දර්ශනවල තිබෙන්නේ පියත් නිකේෂල යන වාහනය හරස් කොට නතර කර ඔහුට පහර දුන් අයුරුයි. පහර දුන් පාර්ශ්වය විසින් පහර දීම සිදු කොට පැය ගණනකට පසුව සිදු කරන ලද පැමිණිල්ල හැර පියත් නිකේෂල පහරදුන් බවට කිසිදු සාක්ෂිකයක් නොමැති තත්ත්වයක් තුළ පොලිසියට බැලු බැල්මටම බී වාර්තාවක් දාලා චෝදනාවක් නැඟීමේ හැකියාවක් නෑ.”

“පොලිසිය බොරු සාක්ෂි, බොරු බී වාර්තා දැම්මහොත් සැකකරුවන් නිදොස්කොට නිදහස් කිරීමේ බලය අපරාධ නඩු සංග්‍රහයේ 186 වගන්තියෙන් මහෙස්ත්‍රාත්වරයාට දී තිබෙනවා. ඒ සඳහා කරුණු අධිකරණයට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතනින් එහාට මේ නඩු පැවරීම සම්බන්ධයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අරගලයේ ප්‍රබල ක්‍රියකාරිකයකු ලෙස විශාල භූමිකාවක් කළ සමාජ ක්‍රියාකාරිකයෙක් වූ ප්‍රියත් නිකේෂලට කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න ඇතුළු දස දෙනෙකුගෙන්  පමණ යුතු මැර කණ්ඩායමක් ඊයේ 10 සවස හුදකලා කර එල්ල කළ ප්‍රහාරයක් නිසා අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.

ප්‍රතිකාර ගන්නා අතරතුර සිදුකළ අත්අඩංගුවට ගැනීම පිළිබඳව පොලීසිය පැවසුවේ, කඩුවෙල මහනගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න   විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

පියත් නිකේෂල තම සේවය නිම කර යළි නිවසට පැමිණෙමින් සිටියදී බත්තරමුල්ල, කොස්වත්ත සමගි මාවත ප්‍රදේශයේදී ඊයේ (10) පස්වරුවේ පහර කෑමට ලක් විය.

කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මේ සම්බන්ධව මාධ්‍යයට පවසා ඇත්තේ  තමන් මාලඹේ සිට කොස්වත්ත දෙසට පැමිණෙමින් සිටියදී පියත් නිකේෂල  තමා අනතුරට ලක්කිරීමට උත්සාහ කළ බවය.

එම අවස්ථාවේ තමා නිකේෂල  හඳුනා නොගත් බවත් ඔහු තමන් අරගලයේ සමාජිකයෙකු බව පවසමින් තමාට බැන වැදුණු බවත් හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ඔවු පවසන්නේ, මේ හේතුවෙන් දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇති වූ බවයි.

අනතුරුව පහරකෑමෙන් තුවාල ලැබූ පියත් නිකේෂල   පළමුව තලංගම රෝහලට ඇතුළත් කළ අතර පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණි.

ප්‍රියත් නිකේශලට පහර දුන්  කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න   ද  මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මහ රෝහලට ඇතුළු වී සිටිය දී ඊයේ  (10) පොලීසිය විසින්  සැකපිට අත්අඩංගුවට ගත්තේ ය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ රෑ පාර්ලිමේන්තුවේ විශේෂ රාජකාරිවල නියුතු අඩකට කෑම නෑ! ගැටලුව කතානායක දක්වා දුර යයි…

Next Post

කඩුගන්නාව පොලිස් නිලධාරීන් හා තවත් පිරිසක් අතර ගුටි හුවමාරුවක්! පොලිසියේ 5ක් රෝහලේ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.