ප්‍රසිද්ධ නිමි ඇඳුම් ව්‍යාපාරයක් වන ෂේඩ්ස්(Shades) ආයතනයේ හිමිකරුවා අබිරහස් ලෙස මිය ගොස් තිබේ.
ඔහුගේ දේහය තලංගම පොලිස් වසමට අයත් පැලවත්ත ප්‍රෙදශයේ ඔහුට අයත් බව කියන නිවසක පිහිනම් තටාකයේ තිබියදී අද (02) සොයාගෙන තිබේ.
ඩබ්ලිව් රොෂාන් නැමති 50 හැවිරිදි ඔහු පසුගිය 30 වැනිදා සිට අතුරුදන්ව ඇති බවට ඊයේ ( 01)ඔහුගේ නැගණිය විසින් පොලිසියට පැමිණිලි කර ඇති අතර අද ඔහුගේ දේහය අද සොයා ගෙන ඇත .
වැල්ලම්පිටිය කිත්තම්පහුවේ පදිචි මෙම ව්‍යාපාරිකයා අවිවාහකයකු බව සඳහන් වන අතර ඔහුගේ අතුරුදන්වීමත් සමඟ තවත් තොරතුරු හෙළි කරගෙන ඇති අතර මේ ඔස්සේ විමර්ෂන සිදුවන බව පොලිස් අරංචි මාර්ග සඳහන් කරයි.