අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රභාකරන්ගේ උපන් දිනය දා උතුරු නැගෙනහිර පළාත් පුරා දැවැන්ත මහවිරු සැමරුම් 18ක්…

by editor
නොවැම්බර් 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සැමරීමේ පදනම මත ඊයේ (27)  ට යෙදී  තිබුණු වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජන්ම දිනය දා උතුරු නැගෙනහිර කලාපය පුරා එල්.ටී.ටී.ඊ හිතවාදී දේශපාලකයින්, පූජකවරුන්, හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්,  රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන් මූලිකත්වයෙන් උතුරු නැගෙනහිර කලාපය පුරා දැවැන්ත සමරු වැඩසටහන් ප්‍රමාණයක් සංවිධානය වී තිබුණු බව බුද්ධි අංශ රජයට වාර්තා කර තිබේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රබලව ක්‍රියාකාරී වූ අවධියේ දී ප්‍රභාකරන්ගේ මූලිකත්වයෙන් යුද්ධයෙන් මිය ගිය සිය සංවිධානයේ සාමාජිකයින් සැමරීම සඳහා ක්‍රියාත්මක කළ මහා වීර සතිය උත්කර්ෂයට නැන්වූ  ප්‍රභාකරන්ගේ උපන්දිනය යෙදුන නොවැම්බර් 27 දිනය මුල් කරගෙන යුද්ධයෙන් අනතුරුව මේතරම් සංවිධානාත්මක ලෙස හා බාධාකිරිම්වලින් තොරව යුද්ධයෙන් මිය ගිය අය      සැමරූ ප්‍රථම අවස්ථාව මෙය බව ද වාර්තා වේ.

විශේෂත්වය වන්නේ  මේ සෑම උත්සවයක්ම පාහේ සවස 6.05ට ආරම්භ කර තිබීමය.

නිවාස තුළ සහ ගම්මාන වශයෙන් සංවිධානය තිබූ සාමාන්‍ය සැමරුම් සම්බන්ධව කිසිම ගැටලුවක් නැති නමුත් මේ සංවිධානාත්මක උත්සව සම්බන්ධව රජය වැඩි අවධානයක් යොමු කළ යුතු බවද බුද්ධි අංශ වාර්තා කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊයේ දිනයේ ප්‍රධාන සැමරුම් උත්සව ගණනාවක් උතුරු නැගෙනහිර කලාපය පුරා සංවිධානය වී තිබිණි.

පස්වරු 06.5ට පමණ ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී    සිවඥානම් ශ්‍රීධරන්ගේ     ප්‍රධානත්වයෙන් කනගපුරම් මහවිරු  සුසාන භූමියේ දී  5000ක ගේ පමණ ප්‍රධානත්වයෙන් දැවැන්ත මහවිරු සමරු උළෙලක් සංවිධානය විය. ඊයේ පැවති විශාලම උත්සවය එයය.

සවස 6.5ට  මුල්ල්‍යාවේලි සුසාන භුමියේ දී 3000ක ගේ පමණ සහභාගීත්වයෙන්   මහවිරු සැමරුම් උත්සවයක් පැවැත්වුනේය.  මුලතිව් ප්‍රාදේශීය සභා සභාපති කමලනාදන් විජින්දන් එය සංවිධානය කර තිබිණි.

එම වෙලාවේම එල්ටීටීඊ සාමාජිකයින් 999ක් මිහිදන් කළ  ඉරනපලෛයි එල්ටීටීඊ සුසාන භුමියදි මහවිරඅු  සැමරුම්උත්සවයක්    පැවත්වුනි.    එම සාමාජිකයින් ගේ උපන් දිනය , නම , හා මියගිය වර්ෂය සඳහන් කර බොඩි ප්‍රදර්ශනය වී තිබිණි.  කොට ඇති අතර මෙම සැමරුම් උත්සවය  ඉරනපලෛයි ක්‍රිඩා සමාජය හා මියගිය සමාජිකයන්ගේ ඥාතීන් විසින් සංවිධානය කර තිබිණි. ඊට    2000 ක පමණ පිරිසක් සහභාගි වී සිටියහ.

අම්පාර තිරුක්කෝවිල් පොලිස් වසමේ කංචිකුඩිච්චිආරු පැරණි එල්ටීටීඊ සොහොන් බිමේ සවස 6.05 සිට රාත්‍රී 7 දක්වා ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන  තවරාසා කලෙයි අරසන් සහ කවීන්ද්‍රන් කොඩීෂ්වරන්ගේත්,  දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේත්  ප්‍රධානත්වයෙන්  පුද්ගලයින් 1750කට වැඩි පිරිසක් එක් වී දැවැන්තම මහවිරු උළෙලක් කළහ. අම්පාර දිස්ත්‍රික් අතුරැදන් වුවන්ගේ සංගමයේ සභාපති තමිබිරාසා සෙල්වරාණි   විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිනි.

සවස 06.5ට මන්නාරම අඩම්පන්, ආන්දන්කුලම් ප්‍රදේශයේ පිහිටි LTTE  සුසාන භූමියේදී  මන්නාරම නගරාධිපති ඩී.ඥානප්‍රකාශම්ගේ හා මන්නාරම් පුරවැසි කමිටුවේ සභාපති වන ශිවකරන්ගේ    ප්‍රධානත්වයෙන් මහවිරු සැමරුම් උත්සවයක් පැවැත්විනි.  ඊට   1500 පමණ පිරිසක් සහභාගී වූහ.

එම වේලාවටම මුලතිව් වෙරළ තීරයේ  මහවිරු සැමරුම් උත්සවයක් පැවැත්විනි.  මුලතිව් තරුණ සංගමයේ සභාපති  පීටර් ඉලන්චෙනියම්ගේ ප්‍රධානත්වයෙන් පැවති  එම උත්සවයට  1500ක් පමණ පිරිසක් එක් වූහ.

තොප්පිගල තරව ප්‍රදේශයේ ඇති එල්ටීටීඊ සුසාන භුමියෙහි  පැවැත්වූ මහවිරු උළෙලේ ප්‍රධානීන් වූයේ   ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් හා    ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ ජාතික සංවිධායක ධර්මලිංගම් සුරේෂ්ය. පැමිණ සිටි පිරිස 1200කි.

වාකරේ කන්දල් අඩි ප්‍රදේශයේ පිහිටා ඇති එල්ටීටීඊ මහවිරු සුසාන භුමියෙහි ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්ෂයේ උප නායක හා නැගෙනහිර පලාත් සංවිධායක නාගලිංගම් සංකරපිල්ලේ නගුලේශන්ගේ ප්‍රධානත්වයෙන් මහවිරුවෝ සැමරීමට 1100ක් එක් වී සිටියහ.

800කගේ පමණ සහභාගීත්වය සහිතව  මුලතිව් අලම්පිල් ප්‍රදේශයේ මහවිරු සැමරුම් උත්සවයක් හිටපු  උතුරු පලාත් සභා  මන්ත්‍රි තුරෙයිරාසා රවිහරන් විසින් සංවිධානය කළේය.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිමලානන්දන්ගේ ප්‍රධානත්වයෙන්  මඩු පන්ඩිවිරිච්චාන් ප්‍රදේශයේ පිහිටි එල්ටීටීඊ සුසාන භූමියට රැස් වූ 700ක පමණ පිරිසක් එම භූමියේ පොල් පැල 714ක් ඉන්දවා පහන් 1805ක් මහවිරු උළෙල සැමරූහ.

වන්නික්‍රෙස් සංවිධානයේ හිටපු මුලතිව් සංවිධායක මුල්ලෛයි ඊසන් ගේ  ප්‍රධානත්වයෙන්  පුදුකුඩුඉරිප්පු දේව්පුරම් ප්‍රදේශයේ 500ක් එක්ව  මහවිරුවෝ සැමරූහ.

මුල්ලිවයික්කාල් හි  ද මහ විරු සැමරුම් උත්සවයක් සංවිධානය වී තිබිනි.  සැමරුම් උත්සවය මුල්ලිවයික්කාල්  ග්‍රාමීය සංවර්ධන සමිති සභාපතිගේ   ප්‍රධානත්වයෙන් පැවැත්විනි. ඊට  500 ක පමණ පිරිසක් එක් වී සිටියහ.

එම අවස්ථාවේ ම  ඔඩ්ඩුසුඩාන් කෝඩාරිකල් ප්‍රදේශයේ මහවිරු සැමරුම් උත්සවයක්  300කගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්විනි.  උත්සවය සංවිධානය කර තිබුණේ  පුනරුත්ථාපන වු LTTE සාමාජික ධර්මලිංගම් ජිවරත්නම් විසිනි.

රෙට්ට වෛයික්කාල් ප්‍රදේශයේ 300ක පමණ පිරිසකගෙ සහභාගීත්වයෙන්  මහවිරු සැමරුම් උත්සවයක් පැවැත්වී තිබිණි.   අම්බලන්පොක්කනේ මහවිරු සැමරුම් උත්සවයට ප්‍රදේශවාසින් 250ක් පමණ එක්ව සිටිහය.

එමෙන්ම කොක්කඩිචෝලේ මාවඩිමුම්මාරි එල්ටීටීඊ සුසාන භුමියෙහි   කොක්කඩිචෝලේ ප්‍රාදේශීය සභාවේ සභාපති සින්නතුරේ පූෂ්පනාදන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ උත්සවයට  250 ක් පමණ පිරිසක් එක් වූහ.

එම වෙලාවේ දීම    මන්නාරම පල්ලිමුනෙයි කතෝලික දේවස්ථානයේදී  එහි ප්‍රධාන පියතුමා වූ ඩෙනිස් අලිස්ටෙර් පියතුමාගේ ප්‍රධානත්වයෙන් මහවිරු සැමරුම් උත්සවයක් පැවැත්විනි. ඊට  200 පමණ පිරිසක් එක් වූහ.

ඔඩ්ඩුසුඩාන් සිවන් කෝවිලේ 200ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් රාත්‍රී 8ට පමණ    තායි තමිල් පේරවි සංවිධානය ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

මඩකලපුව තාන්ඩිඅඩි  විශේෂ කාර්ය බලකා කඳවුර අසල පුද්ගලික ඉඩමකත් මහවිරු සැමරුමක් සූදානම් කර තිබිණි.    දෙමළ ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රිනේෂන් ෙග් ප්‍රධානත්වයෙන් පවත්වන ලදී එම උත්සවයට එක් වී සිටි පිරිස  200 කි.

මුල්ලයාවේලි එල්ටීටීඊ සුසාන භූමියේ මුලතිව් ප්‍රාදේශීය සභා සභාපති  කමලනාදන් විජින්ද්‍රන්ගේ   ප්‍රධානත්වයෙන්  ඉදි කර තිබු  තොරණ මුල්ලියාවේලි පොලිිසය මගින් ඉවත් කළේය.   එහිදි දෙපිරිස අතර බහින් බස් විමක් සිදු වූයේය. පසුව ගැටුම සමතයකට පත් වී තිබිණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රටට නෑවිත් පිට පනින්න හදන ඕමානයේ කුෂාන් සර්ට එරෙහිව රතු වරෙන්තුවක්!

Next Post

මේ අවුරුද්දේ මුල් කාර්තුව තුළ පමණක් වන සතුන් නිසා රුපියල් බිලියන 30ක ආහාර භෝග හානි වෙලා! 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.