පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වී ඇති රාජ්‍ය නිලධාරින්ගේ මුලික වැටුප ගෙවීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.
එම කැබිනට් යෝජනාවට අනුමැතිය ලබා ගෙන මෙම පිරිසට මැතිවරණ කොමිසමේ මූලික නිර්දේශ මත මුලික වැටුප ලබා දීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේය
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස රාජ්‍ය නිලධාරින් 3,000 කට ආසන්න පිරිසක් ඉදිරිපත්ව සිටින බවය.