බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පළාත් පාලන ආයතන යළි කැඳවීමේ  කැටගොඩගේ පනත් කෙටුම්පත ලත් තැනම ලොප් වෙයි…

මේ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනියි... පහුවදාම නීතිපති ලිඛිතව පාර්ලිමේන්තුවට දන්වයි...

by editor
ජූලි 13, 2023
in පුවත්
parliament of sri lanka
Share on FacebookShare on Twitter

අකිත පෙරේරා –

විසුරුවා ඇති පළාත් පාලන ආයතන යළි කැඳවීමේ අරමුණින් ඉදිරිපත් කර ඇති ප්‍රාදේශීය සභා සංශෝධන යන නව සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තු තුනෙන් දෙකේ විශේෂ බලයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවත් නීතිපති දෙපාර්තමේන්තුව දන්වා සිටී.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පත් කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ  පාර්ලිමේන්තුවට පසුගිය 05දා ඉදිරිපත් කළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතය දක්වමින් එම දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුව වෙත මෙම දැනුම්දීම සිදු කර තිබේ.

ඒ අනුව විසුරුවා ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීම සඳහා යෝජනා කර ඇති මෙම පනතේ සඳහන් ‘අර්බුදය’ නමැති ප්‍රකාශනය නොපැහැදිලි මෙන්ම නිශ්චිත අර්ථ නිරූපණයක් නොකරන බව ද සඳහන් කර ඇත.

එහිදී විසුරුවා ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීම සඳහා විෂයභාර ඇමැතිවරයාට ලබා දෙනු ලබන බලය සම්බන්ධයෙන්වන පසුබිම සහ කාර්ය පටිපාටිය සම්බන්ධයෙන් මෙම පනත මගින් පැහැදිලි කර නොමැති

බව ද සඳහන් කර තිබේ. දැනට විසුරුවා ඇති පළාත් පාලන ආයතන නැවත දින නියමයක් නොමැති කාල පරිච්ඡේදයකට කැඳවීමේ හැකියාවක් මෙම පනතෙන් දී ඇති බවත් එහිදී සිය ධුර කාලයන් ඉක්මවා සිටින හිටපු මන්ත්‍රීවරුන්ට දින නියමයක් නොමැතිව ජනවරමකින් තොරව නැවත මන්ත්‍රී ධුරයට පත් කෙරෙන බැවින් එය මූලික මිනිස් අයිතිවාසිකම්වලට ද බලපෑමක් සිදු කෙරෙන බවටත් සඳහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එබැවින් මෙම පනත් කෙටුම්පතේ දෙවැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3,4,12(1) සහ 14(1) යන ව්‍යවස්ථා සමග අනනුකූල වන අතර මෙය නීතියක් වශයෙන් ගෙන එන්නේ නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු මෙන්ම ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතුවේ යැයි ද දන්වමින් රජයේ නීතිඥ රුෂානි අබේකෝන්ගේ අත්සනින් යුතුව පසුගිය 06 වැනිදා පාර්ලිමේන්තුව වෙත දන්වා ඇත.

මෙම පනත ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ආදී වශයෙන් සංශෝධන පනත් කෙටුම්පත් 03ක් පුද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස පත් කළ මන්ත්‍රී  ජයන්ත කැටගොඩ   විසින් පාර්ලිමේන්තුවට පසුගිය 05 දා ඉදිරිපත් කළ අතර යෝජනා තුනම කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී සංජීව එදිරිමාන්න  විසින් එදින ස්ථීර කරනු ලැබීය. – දිවයින

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාවික හමුදාවට එරෙහි විරෝධතාවයට පැමිණි විරෝධතාකරුවන්ට නාවික හමුදාවෙන් සිසිල් පැන් සංග්‍රහයක්!

Next Post

වෙඩි වැදී අසාධ්‍යව සිටි “අග්බෝ” ටික ටික සුව අතට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.