සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පහ වසර ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමට නුසුදුසුයි… අමාත්‍ය මණඩල තීරණය නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි….

by editor
දෙසැම්බර් 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදා පැවැත්වූ පහ වසර ශිෂ්‍යත්ව වභාගය නැවත පැවැත්වීම නුසුදුසු බව අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස සහ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගය පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කීපයක් අද ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංග්ප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ යළි සලකා බැලීමට කැඳවූ අවස්ථාවේ දී ය.

ශිෂ්‍යත්ව විභාගයේ පළමුවැනි ප්‍රශ්න පත්‍රය අවලංගු කර එම ප්‍රශ්නපත්‍රය යළි පැවැත්වීම පිළිබඳ ඇති හැකියාව සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා ඇතුළු වගකිවයුතු බලධාරීන්ගෙන් කරුණු විමසා අධිකරණයට දැනුම් දෙන ලෙස වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින සොලිස්ටර් ජනරාල් විරාජ් දයාරත්නට පසුගිය නොවැම්බර් 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.

ඒ අනුව අද දින පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ විමසීමට මෙම පෙත්සම යළි කැඳවනු ලැබුවේය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරිය ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න පවසා සිටියේ ඉකුත් 26 වැනිදා රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් මෙම කරුණට අදාලව නිර්දේශ කීපයක් ඉදිරිපත් කර ඇති බවය.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ බව කියැවෙන ප්‍රශ්න තුන සඳහා විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුනු ලබා දීමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇති බවට ඔහු දැනුම් දුන්නේය.

ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමෙන් සිසු සිසුවියන් පීඩාවට පත් වීමට ඉඩ ඇති බැවැන් විභාග යළි පැවැත්වීම නුසුදුසු බවට ද අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර තිබෙන බව සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.

ඔහු පෙන්වා දුන්නේ ප්‍රශ්න සහගත මෙම ප්‍රශ්නපත්‍රය යළි පැවැත්වීමට යෑම තුළින් විභාග දෙපාර්තමේන්තුවේ විභාග කාල සටහන ද අවුල් වනු ඇති බවය.

නැවත විභාගය පැවැත්වීම තුළින් හය වැනි ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ ක්‍රියාවලිය
ප්‍රමාද විය හැකි බව ද සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

උද්ඝෝෂණය අතරෙ පොලිසිය කැපුවේ අපි නෙමෙයි… සංවර්ධන නිලධාරීහු කියති….

Next Post

නවක මන්ත්‍රීවරුන් කිසිවෙක් මේ දක්වා ගිනි අවි ඉල්ලුම් කර නෑ…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.