පහන්තුඩාවේ ජෝඩුවටම කොවිඩ් – පොලිස් ඇප මත ගෙදර

බලංගොඩ පහන්තුඩාව දිය ඇල්ල අසළ අසභ්‍ය ග  වීඩියෝවක්  සඳහා පෙනී සිටීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ ජාල අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලද යුවළ පොලිස් ඇප මත මුදා හැර තිබේ.

මෙම යුවළම කොවිඩ් ‍වෛරස ආසාදිතයන් බවට තහවුරු වී ඇත.  ඔවුන්ට අශ්ලීල ප්‍රකාශන සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පැවරූ නඩුව ලබන මස 15 වැනිදා අධිකරණයේ විමසීමට නියමිත   බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම වීඩියෝවට සම්බන්ධ 34 හැවිරිදි පුද්ගලයා විලාසිතා ඡායාරූපකරණයේ නියැළුණු පුද්ගලයකු වන අතර විවාහකයකු බව පොලිසිය සඳහන් කරයි.


ඔහු ඡායාරූපකරණයේ නියැළෙන කාලයේ දී හමුවී ඇති මෙම 25 හැවිරිදි තරුණිය සමඟ එක්ව මුදල් ඉපයීමේ අරමුණින් මෙවැනි වීඩියෝ නිෂ්පාදනය කර ඇමෙරිකානු වෙබ් අඩවියකට අලෙවි කර ඇති බවටද ඔවුන් ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිදරව් වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් රටේ විවිධ ස්ථානවලට ගොස් මෙවැනි ආකාරයේ අසභ්‍ය වීඩියෝ 20කට ආසනන් ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති බවත් පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් තම ආදායම් මාර්ග අහිමිවීම හේතුවෙන් මෙලෙස මුදල් ඉපැයීම් පරමාර්ථයෙන් එය කළ බවටද සඳහන් කර ඇත.

Exit mobile version