ලලිත් චාමින්ද –
මෙරට වී නිෂ්පාදනය පසුගිය යල කන්නයේ දි වී මෙට්‍රික්ටොන් මිලියන 2.2ක් දක්වා සියයට 11.7කින් වැඩිවි ඇති බැව් අයවැය, ආර්ථික සහ මුල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.
මෙම කන්නය තුළ ප්‍රමාණවත් ජල සැපයුමක් පැවතීම හේතුවෙන් වගාකරනු ලැබු බිම් ප්‍රමාණය වැඩිවිම නිසා 2024 යල කන්නයට සාපේක්ෂව 2025 වර්ෂයේ යල කන්නයේ දි වි නිෂ්පාදනය වැඩිවි ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වේ.
කෙසේවුවද 2024/2025 මහ කන්නයේ වි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් මිලියන 2.62ක් වු අතර එය 2023/2024 මහ කන්නයේ වී අස්වැන්නට සාපේක්ෂව සියයට 3.8ක පහත වැටිමකි.
ගංවතුර හේතුවෙන් වී වගාවට හානිවිම, රෝග හා පළිබෝධ ආක්‍රමණ, වි නිෂ්පාදනය පහත වැටිමට හේතුවි තිබුණි.







