ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් –
මෙම වසරේ (2023) ගත වූ මාස 9 තුළ ෆේස්බුක් සම්බන්ධ පැමිණිලි 23,534 ක් ලැබී ඇතැයි ද ඉන් සියයට 70ක් ලැබී ඇත්තේ කාන්තාවන්ගෙන් යැයි ද පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල පවසයි.-
රැකියා ලබාදෙන බව පවසා අන්තර්ජාලය ඔස්සේ සිදුකරන වංචා සම්බන්ධයෙන් වැඩිපුරම පැමිණිලි ලැබී ඇතැයි ද ඊළඟට වැඩියෙන්ම පැමිණිලි ලැබී ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන පිරමීඩ වංචා සම්බන්ධයෙන් බව ද ඔහු පැවසුවේය.
තවද ව්‍යාජ ෆේස්බුක් නිර්මාණය, ෆේස්බුක් ගිණුම් හැක් කිරීම ඇතුළු පැමිණිලි ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
මේ අතරින් වැඩිපුරම ෆේස්බුක් පැමිණිලි ලැබී ඇත්තේ මැයි මාසයේ බවත් එම ප්‍රමාණය 3328 ක් බවත් පැවසූ ඉංජිනේරුවරයා ෆේස්බුක් සම්බන්ධ පැමිණිලි 101 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දිය හැකි බවද කියා සිටියේය. – දිවයින