ගෙවුණු දින 10 තුල සිදු වූ ඇතැම් සිදුවීම් තමාගේ සිත් රිදවූ බවත් ඒ අනුව විශ්‍රාම යාමට සිටි කාලය සති හයකින් ඉක්මන් කිරීමට හේතු වූ බව මහ බැංකු අධිපති ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා පවසයි.
ඔහු මේ බව මාධ්‍යයට කියා සිටියේ ලබන සැප්තැම්බර් 14 වැනිදා තමා නිල වශයෙන් විශ්‍රාම යන බවට නිල වශයෙන් නිවේදනය කරමිනි.
මේ පිළිබඳ ඔහු පහත කරුණු ද ගෙනහැර දැක්වීය.
“වසරකට හෝ මහ බැංකු අධිපති ධුරය ධූරය භාර ගන්නැයි මාගෙන් කරන ලද ඉල්ලීම අනුව වසර දෙකකට ආසන්න කාලයක් එම ධුරය මා දැරූ අතර කිසිදු වරෙක තීරණ ගැනීමේදී හිතට එකඟව තීරණ ගත්තා මිසක ඉන් පරිබාහිරව කටයුතු කළේ නෑ. කර තිබුණේ ලබන සැප්තැම්බර් මාසයේ මාගේ අසූ වැනි ජන්ම දිනය යෙදෙන දා විශ්‍රාම යාමටයි.
නමුත් පසුගිය සතියක් හෝ දින 10ක කාලය තුළ සිදු වූ සිත් රිදවන සිදුවීම් මගින් මාගේ මේ තීරණය සති හයකින් ඉක්මන් කළ අතර ඒ අනුව ලබන 14 වැනිදා මව විශ්‍රාම යාමට අපේක්ෂා කරනවා.
දිවා රෑ නොබලා මෙම තනතුරේ මා කටයුතු කළ ද ඇතැම් තීන්දු තීරණ වලදී බොහෝ ස්වභාවික සහ මානුෂික හේතූන් මත අප අපේක්ෂා කළ කළ ප්‍රතිඵල ඒ අයුරින්ම ලැබුනේ නැහැ . මා වැඩ භාර ගෙන මාස තුනක් ගත වෙද්දී ආ කොවිඩ් වසංග රැලි ඊට හේතු වුණා . මානසික ආතතියෙන් යුතුව වැඩ කළ දින ගණන් ද ඒ අතර තිබූණා. මානුශික හා ආයතනික හේතූන් මත වුවත් එමගින් අප අපේක්ෂා කර තරම් ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වූයේ නැහැ. එවැනි වගකීම්සහගත තනතුරක් අත් හැරීම පිළිබඳ මා සහ මගේ සමීප හිතවතුන් සිතන්නේ එය සැඟවී ආ ආශිර්වාදයක් ලෙසයි.”