පසුගිය මාසයකට ආසන්න කාලය තුළ සිදුකළ වෙඩි තබා ඝාතනය කිරීම් 12කින් ඝාතන 10ක් මෙහෙයවා ඇත්තේ ඩුබායිහි සිටින මත්කුඩු ජාවාරමුන් බව විමර්ශන අංශ පවසයි.
ඝාතන දෙකක් ඉන්දියාවේ සිට සිදුකර ඇත.
පානදුර සහ මොරටුවේ සිදුකළ ඝාතන කුඩු සළිඳු විසින් ද, කොටුව, අලුත්ගම, අහංගම, තංගල්ල ඝාතන හරක්කටා නැමැති පාතාලයා විසින් ද, කැලනිය සහ වත්තල ඇලකන්දේ ඝාතන ජා ඇල ජූඩ් නැමැත්තා විසින්ද ඩුබායිහි සිට මෙහෙයවා ඇතැයි විමර්ශන අංශ හෙළි කරගෙන තිබේ.
මෝදර ඝාතනය පූකුඩිකන්නා විසින් සහ පෑලියගොඩ මැනිං වෙළෙඳපලේ සිදුකළ ඝාතනය ධනුක නැමැත්තා විසින් ඉන්දියාවේ සිට මෙහෙයවා ඇතැයි විමර්ශන ආරංචි මාර්ග කියයි.
මෙම කුලී ඝාතන සඳහා ඝාතකයින් සපයා ඇත්තේ මාකිලංගමු සංජීව විසින් බවට තොරතුරු හෙළි වී තිබේ.