ශ්‍රියානි විජේසිංහ –
පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥවරු මූලික රෝහල්වෙත අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන යන වැඩපිළිවෙලට විශේෂඥ වෛද්‍යවරු සහ ඇතැම් වෛද්‍ය වෘත්තීය සමිති දැඩි විරෝධයක් පළ කර ඇතැයි වාර්තාවේ.
සෑම රෝහලකම බාහිර රෝගී අංශයේ පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥවරයෙකු හෝ කීපදෙනෙකු අනුයුක්ත කිරීම හේතුවෙන් බාහිර රෝගී අංශයේ දීම රෝගීන් විශේෂඥ වෛද්‍ය සේවාවන් ලබා ගැනීම අවස්ථාව .උදාවීම මගින් පෞද්ගලින චැනලින් සේවාවන් වෙත රෝගීන් යොමුවීම අඩුවීම හේතුවෙන් මෙම විරෝධතාව ගොඩනැගී ඇතැයි ලංකාසර කළ විමසුමකට පිලිතුරු පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥවරුන්ගේ සංගමයේ ප්රකාශිකාවක් සඳහන් කළාය
සෑම රෝගී තත්ත්වයක් සඳහාම දෙස් විදෙස් විශේෂඥ වෛද්‍ය පුහුණු ලබා දී තිබියදීත් මෙසේ තම සාමාජිකයින් බාහිර රෝගී අංශයේ කරනු ලබන සේවාවන්ට අනෙකුත් විශේෂඥ වෛද්‍ය වෘත්තිකයින්ම විරෝධය දක්වනුයේ ඔවුන් ගෙන යන මාෆියාව ඉදිරියටත් ගෙනයාමට මෙය බාධාවක් වී ඇති බව නිසා යැයි ද ඇය පෙන්වා දුන්නාය.
පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ පුහුණුව සඳහා පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය වෙත වසරකට අයදුම්පත් 200ක් පමණ යොමු කළද ඉන් තෝරා ගනුයේ අයදුම්පත් 15ක් පමණක් බවද ඇය පෙන්වා දුන්නාය.
කෙසේ නමුත් බාහිර රෝගී අංශය වෙත පැමිණෙන ඕනෑම රෝගියෙකු පරික්ෂා කර බලා අවශ්‍ය විශේෂඥ ප්‍රතිකාරය එම ස්ථානයේදීම ලබා දීමෙන් රෝගියාට පෞද්ගලික චැනලින් සේවාවට හෝ නේවාසික ප්‍රතිකාරයන් සඳහා යොමු වීම බොහෝදුරට අවශ්‍ය නොවන බවත් මේ හේතුවෙන් රෝහල් වාට්ටු අනවශ්‍ය ලෙස පිරියාමක් හෝ අසරණ රෝගීන්ගේ මුදල් නාස්තියක් සිදු නොවන බවද ඇය පවසා සිටියි.