පවිත්‍රා නිසා විපක්ෂ මන්ත්‍රීවරු දෙපිළක බෙදෙති

කොරෝනා ව්‍යසන පාලනය කරමින් ජන ජීවිතය ආරක්ෂා කර වගකීම් ඉටු කිරීමට සෞඛ්‍ය ඇමතිනිය අසමත් වූ බවට චෝදනා කරමින් ඇයට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරු 42 නෙක් අද (14) උදෑසන වන විට අත්සන් තබා ඇත.

විපක්ෂයේ සෙසු පක්ෂවල මන්ත්‍රීවරුන්ගෙන් ඊට අත්සන් ලබා ගැනීම සඳහා විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත බාරදී තිබේ.

මේ අනුව ඉදිරි සතිය තුළ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගෙන කතානායකවරයා වෙත විශ්වාසභංගය භාරදීමට සමගි ජන බලවේගය සැලසුම් කර ඇත.


කෙසේ වෙතත් මෙලෙස සෞඛ්‍ය ඇමතිනියට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම අනවශ්‍ය දෙයක් බැවින් මේ අවස්ථාවේ එය නොකළ යුතු කරුණක් බව විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසකගේ මතය වී තිබේ.

විපක්ෂයේ එම මන්ත්‍රීවරු ප්‍රකාශ කරන්නේ මේ අවස්ථාවේ විශ්වාසභංගය ගෙන ඒමෙන් ආණ්ඩුවේ වැරදි වසා ගැනීමට සහ ජනතාව තුළ පවතින විරෝධය නිවැරදි කර ගැනීමට අවස්ථාවක් උදා වන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමන් විශ්වාසභංගයට විරුද්ධව අදහස් පළ කළත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම තුළ සාමූහිකව ගත් තීරණයක් නිසා ඊට පක්ෂව ඡන්දය ලබා දුන් බවත් එම මන්ත්‍රී වරු කීපදෙනෙක් ලංකාසරට පැවසූහ.

Exit mobile version