එළඹෙන පලාත් සභා මැතිවරණයෙන් පසු අලුත් තරුණ නායකයෙකු වෙත පක්ෂ නායකත්වය පවරන බව එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ අද ප්‍රකාශ කළේය.
මෙවර මහ මැතිවරණයට එ.ජා.පයෙන් තරග කළ සියලුම අපේක්ෂකයන්ට ආරාධනා කර ඔවුන් වෙනුවෙන් සිරිකොත දී සංවිධානය කළ විශේෂ දිවා භෝජනය අවසානයේ දී ඔවුන් අමතා එ.ජා.ප නායකයා මෙම ප්‍රකාශය කළේය.
“ අලුත් තරණ නායකයෙකුට පළාත් සභා මැතිවරණයෙන් පසු පක්ෂයේ නායකත්වය භාර දෙනවා. ඔහුට ඒ අවස්ථාව ලැබෙන්නේ ප්‍රායෝගිකව ඔහු දක්වන හැකියාව මතයි. ඒ සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තරුණ නායකත්ව මණ්ඩලයක් යෝජනා කර තියනවා. ඔවුන් රට පුරා ඇවිදලා බිම් මට්ටමට ගොස් පාක්ෂිකයන්, අපේක්ෂකයන් හමු විය යුතුයි. සංවිධානය කළ යුතුයි. බලගැන්විය යුතුයි. ඒ ක්‍රියාවලිය හරහා මතුවන නායකයා පිලිබඳ තීන්දුව ගන්නෙ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පමණක් නොවෙයි. ඒ තේරීම සඳහා බිම් මට්ටමේ ක්‍රියාකාරීන් ද දායක කරගන්නවා. එසේ තෝරාගන්නා තරුණ නායකයාට පක්ෂය භාර දෙනවා…“ එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.







