බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ පසුගියදා හමුවූ අත්බෝම්බය සවි කළ පුද්ගලයන්ට හා ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනය කළ ආකාරය පිළිබඳ මීසම් පාලක සභාව දැඩි අප්‍රසාදය පළ පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. දේවස්ථානයේ ප්‍රධාන පියනම වන ජූඩ් ශ්‍යාමන් පියතුමා ද ඇතුළු මීසම් භාර සභාව විසින් නිකුත් කරන ලද මෙම නිවේදනය මඟින් මෙම මීසම් පාලක සභාව පෙන්වා දෙන්නේ 18 වැදි සියවසේ සිට සාමකාමීව ජනතාවගේ වන්දනීයත්වයට පත් වූ මෙම දේවස්ථානය පරිහරණය කරන්නන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීම මෙන්ම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්ද බලපෑමක් එල්ල වන තත්ත්වයක් මෙම සිදුවීම තුළ ගැබ්ව ඇති බවය.
එමෙන්ම එකොළොස් වැනි දා සිදු වූ මෙම සිද්ධියේ විමර්ශණ සිදුවූ ආකාරය සම්බන්ධයෙන්ද දැඩි විවේචනයක් එල්ල කර ඇත.
එම සිදුවීම සිදුවූ පසුගිය ජනවාරි මස 11 වැනිදා සිදුවූ මෙම සිදුවීමේ සීසීටීවී දර්ශන සම්පූර්ණයෙන් තිබියදී පොලිසිය එම දර්ශනවලින් පස්වරු 3න් පසු දර්ශන පමණක් ලබාගෙන ඇති අතර ඉන් පෙර දර්ශන ලබා නොගත්තේ යැයි එම නිවේදනය මගින් චෝදනා කර තිබේ.
මෙම විමර්ශනය තවදුරටත් මේ අයුරින් නොපවත්වා නියම ආකාරයෙන් එම විමර්ශනය පවත්වා වැරදිකරුවන්ට වහා නීතිය කක්‍රියාත්මක කරන ලෙස කරන ලෙස එම නිවේදනය මගින් ඉල්ලා තිබේ.