බස්නාහිර පළාත තුළ ඊයේ (30) සවස 3.00 සිට සවස 6.00 දක්වා කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පරීක්ෂාවට ලක්වුණු ව්‍යාපාරික ස්ථාන සහ ආයතන 2891 න් 2023 ක්ම නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතුකරන බව පෙනී ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.
එම ව්‍යාපාරික ස්ථාන සහ ආයතනවල හිමිකරුවන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ නඩු පැවරීමට පියවර ගන්නා බව ද ඔහු පැවසීය.
මෙම මෙහයුමේදී පුද්ගලයින් 6320 දෙනෙක් පරීක්ෂාවට ලක්ව ඇති අතර නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 26 දෙනෙක්ද අත්අඩංගුවට ගත් බවද අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේය.