සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරණ ජනාධිපති කියන හොරකමට පුරුදු පරණ අය ගෙදර තියලා යහපත් දේශපාලනයක් පුරුදු අලුත් අයගෙන් පාර්ලිමේන්තුව පුරවමු! ජනපති ජනතාවගෙන් ඉල්ලයි…

by editor
ඔක්තෝබර් 28, 2024
in පුවත්
Anura
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කර සිටින කණ්ඩායම පාර්ලිමේන්තුවට අලුත් අය වුවද දේශපාලනයට අලුත් අය නොවන බවත්, ඕනෑම වේලාවක රට විපතට පත් වන අවස්ථාවක ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ පිරිසක් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

හොරකමට පුරුදු, අපරාධවලට පුරුදු, මැරකමට පුරුදු, බොරුවට පුරුදු නීතියට උඩින් සිටීමට පුරුදු, ජාතිය ව්‍යසනයට ලක් කරන අණ පනත්වලට අත් එසවීමට පුරුදු, ජනතාවට වඩා වැඩි වරප්‍රසාද භුක්ති විඳීමට පුරුදු පරණ පුරුදු මැර කණ්ඩායම වෙනුවට යහපත් සමාජ දැක්මක් සහිත ජීවිත කාලයම යහපත් දේශපාලනයක් වෙනුවෙන් කැප කළ අලුත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යවන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඔහු මෙම ඉල්ලීම කරන්නේ ගාල්ලේ බද්දේගම දි පැවති මාලිමාවේ ගාල්ල දිස්ත්‍රික් ජන රැළිය අමතමිනි.

එහිදී ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

පැමිණ සිටි පිරිස…

මේ මැතිවරණයේ දී ජනතාවට කියන්න කරුණු නැති වී සිටින අය පරණ කතාම නැවත කියන්නට පටන්ගෙන තිබෙනවා. අලුත් අයට අත්දැකීම් නැති බවත්, පුරුදු අය එවන ලෙසත් ඔවුන් කියනවා.

මේ කියන පරණ අය හොරකමට පුරුදු, නීතිය මුළුමනින්ම නොසලකා කටයුතු කරන අය බව මේ වන විටත් හෙළිදරවු වී තිබෙනවා. සාමාන්‍ය අයෙක්ගෙ වාහනයක අංක තහඩුව වැටිලා තිබුණොත්, පාරේ යන්නෙත් ඉතාම කල්පනාවෙන්, සෝදිසියෙන්. නමුත්, දේශපාලකයන් එංගලන්තයෙන් හොරෙන් ගෙනැවිත්, හොර අංක තහඩුවලින් වාහන දුවපු හැටි හෙළි වෙනවා. ඒ වාගේම කෝටි ගණන් වටිනා වාහන නාඳුනන අය ඇවිත්, මිදුල්වලට දමා ගිහින් හමු වෙනවා. ඔවුන් මේ දක්වා වැඩ කළේ නීතිය අදාළ නැති පිරිසක් හැටියටයි. වාහන ලියාපදිංචි කරන්න ඕනෑ මහජනතාව. ඒ ගොල්ලෝ හොරෙන් දුවන්න හැකියාව තිබෙන අය. ඔවුන් අද වේදිකාවල කියන පළපුරුද්ද කියන්නේ අන්න ඒ වාගේ දේවල්වලට. අපරාධ කරලා කට්ටි පනින්න, හොරකම් කරලා බේරෙන්න, මහජනතාවට උඩින් ඉන්න අත්දැකීම් ඔවුන්ට තිබෙනවා.

මහජනතාවට එපා වුණේ මෙන්න මේ වාගේ අය හිටපු පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවට ඇතුළු වන විට සියල්ලම ඉතා හොඳින් පරීක්‍ෂා කරනවා. නමුත්, හොරෙන් පිහි තල, මිරිස් කුඩු අරගෙන යන්න පුළුවන්. පාර්ලිමේන්තුවේදී පුටුවලින් ගහගන්න පුළුවන්. සභා ගර්භය මැද එකිනෙකාට පහර දෙන්න පුළුවන්. ජනතා විරෝධී අණපනත්වලට අත උස්සන්න පුළුවන්. ඔවුන් පුරුදු වී සිටින්නේ මෙන්න මේ වාගේ කටයුතුවලට. නීතියට වඩා ඉහළින් සිටිමින්, මහජන ධනය කෝටි, ප්‍රකෝටි ගණන් වංචා කරන්නත්, මහජනයාට වඩා වරප්‍රසාද භුක්ති විඳින්නත් ඔවුන් හොඳ පුරුද්දක් ලබාගෙන සිටිනවා. ජනතාවට දැන් ඒ වැනි පුරුදු තිබෙන පුද්ගලයන් හොඳටම ඇති වෙලයි ඉන්නේ. හිටපු ජනාධිපති අදත් කියලා තියෙනවා, පුරුදු අය පාර්ලිමේන්තුවට යවන්න කියලා. අපි කියන්නේ, හොඳ අයගෙන් පුරවන්න කියලා.

ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කර සිටින අය පාර්ලිමේන්තුවට අලුත් අය වුවත්, දේශපාලනයට අලුත් අය නොවෙයි; ඕනෑම වේලාවක රට විපතට පත් වන අවස්ථාවක ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ පිරිසක්. මහජනයාගේ ධනය හොරකම් කිරීමට විරුද්ධව හඬ නැඟූ අය ඉන්නේ. මේ රටේ සම්පත් විකිණීමට එරෙහිව ඒවා රැක ගන්න ඕනෑම අවස්ථාවක ඉදිරිපත් වූ අය අපට ඉන්නේ. මේ රටේ කොතැනක හෝ අසාධාරණයක් සිදු වනවා නම්, ඊට විරුද්ධව දේශපාලනය කළ අය ඉන්නේ. ඒ වාගේම ගංවතුර ගැලීම්, සුනාමි වැනි ව්‍යසන හමුවේ ජනතාව වෙනුවෙන් උපරිමයෙන් කැප වුණු අය ඉන්නේ. අපේ අය හොඳින් පුරුදු වී සිටින්නේ හොඳ, යහපත් වැඩවලට. ඔවුන් හොඳින් පුරුදු වී සිටින්නේ නරක වැඩවලට.

එළඹෙන මැතිවරණයෙන් පාර්ලිමේන්තුව පුරවන්න ඕනෑ අලුත් අයගෙන්, නමුත්, දේශපාලනය පුරුදු අයගෙන්. මාලිමාව නියෝජනය කරන්නේ ඒ වැනි පිරිසක්. තරුණ, තරුණියන් ඇතුළු පුරවැසියන්ට තිත්ත වී තිබුණු දේශපාලන පොරපිටිය ශුද්ධ කරන්න, පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවා යහපත් දේශපාලනයක් ඇති කරන්න ඕනෑ. ඔවුන්ට දේශපාලනය යනු මුදල් ඉපැයීමේ මාර්ගයක්. ජාතික ජන බලවේගයට දේශපාලනය යනු මහජන සේවයක්.

බිස්නස් එකක් කරගෙන තිබෙන දේශපාලනය ක්‍රමානුකූලව මහජන සේවයක් බවට, මහජනයා වෙනුවෙන් ක්‍රියා කරන දේශපාලනයක් බවට පත් කරනවා. ඔවුන් බලන්නේ, යම් ව්‍යාපෘතියක් රටට හොඳයිද කියලා නොවෙයි. ඒ නිසා රටට මේ දක්වා පිරිසිදු ආයෝජකයන් ආවේ නැහැ. බෙහෙත්වලින් හොරකම් කළේ දේශපාලනය ව්‍යාපාරයක් කර ගත් අය. බාල පොහොර ගේන්නෙත් දේශපාලන බිස්නස් එකෙන්. මෙය මහජන සේවයක් බවට පත් කරන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ වන විටත් මුලපුරා තිබෙනවා.

මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අඩු කර ඔවුන් වෙනුවෙන් දරන වැය බර අඩු කරන්න ඕනෑ. ජනාධිපතිවරයාට, හිටපු ජනාධිපතිවරුන්ට දරන වැය බර අඩු කරන්න ඕනෑ. හිටපු ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් දරන වැය බර නතර කිරීමේ ක්‍රියාමාර්ග සොයා බැලීමට දැනටමත් අපි කමිටුවක් පත් කර තිබෙනවා. මේක පළිගැනීමක් නොවෙයි. දේශපාලනය මහජන සේවාවක් බවට පත් කිරීමක්.

අපේ රටේ පවතින පැරැණි රාජ්‍ය යාන්ත්‍රණය නිසා රජයේ කාර්යාලවලින් මහජන ආධාර ගන්නත්, වෙනත් ඕනෑම සේවයක් ඉටු කර ගන්නත් පෝලිම්වල සිටීමට සහ ප්‍රමාදවලට මුහුණ දීමට සිදු වී තිබෙනවා. මේ තත්වය සම්පූර්ණයෙන් වෙනස් කර රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට ලක් කිරීමෙන් කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් ඇති කරනවා. ඉන්දියාවේ කිව්ආර් කෝඩ් එකෙන් වඩේ විකුණන කොට අපේ ජනතාවට පන්දාහ ගන්නත්, හාල් කිලෝ දහය ගන්නත්, අස්වැසුම ගන්නත්, ඉඩමකට ඔප්පුවක් හදා ගන්නත් පෝලිම්වල රස්තියාදු වෙන්න සිදු වී තිබෙනවා. කෙටි කාලයක් ඇතුළත මේ තත්වය මුළුමනින්ම වෙනස් කර පුරවැසියන්ට සමීප, කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් ඇති කරනවා.

මේ රට හදන්නේ කොහොමද, කවුද කියලා අපි පෙන්වන්නම්. සමහර අය වංචා, දූෂණ ෆයිල් ගැන ප්‍රශ්න කරනවා. ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්විය හැකි සුදුසුම නිලධාරීන් පත් කර ආණ්ඩුවෙන් ලබා දිය යුතු සහයෝගය ලබා දී නිසි පරිදි නීතිමය ක්‍රියාමාර්ගවලට ඉඩ සලසා දෙනවා. නාට්‍යමය හෝ ප්‍රදර්ශනාත්මක වැඩ කිසිවක් නැහැ. ක්‍රමානුකූලව අදාළ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යනවා.

රටේ අනාගතය නිර්මාණය කරන දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මූලිකත්වය ගෙන ජනතාවගේ ප්‍රශ්න විසඳන ආණ්ඩුවක් ලංකාවේ පළමු වතාවට වැඩ පටන්ගෙන තිබෙනවා. ඒ වාගේම දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් බලා ගනිමින්, රට ගොඩනැඟීමේ කටයුතු ඉදිරියටම ගෙන යනවා මිස ජාතික ජන බලවේගය ආපසු හැරෙන්නේ නැහැ. ඒ අය දුකට කියන කතා තවදුරටත් කිය කියා ඉඳීවි. ඔවුන්ට හිත හදා ගැනීමේ කතා ඕනෑ තරම් කිව හැකියි. නමුත්, ජනතාවාදී ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළින් දියත් කිරීමේදී කකුලෙන් අදින්නේ නැති ස්ථාවර ආණ්ඩුවක් ඕනෑ. ඒ වෙනුවෙන් නොවැම්බර් මාසයේ 14 වැනිදා වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න ක්‍රියා කරන්න ඕනෑ.
ඒ වුණත්, මෙවර ඡන්දය කම්මැලියි වාගේ දැනෙන බව සමහර අය කියනවා. මෙච්චර කල් ඡන්ද කළේ හිටපු පාලකයන්ගේ චණ්ඩින් පිරිසක්. සමෘද්ධිය කපන බවට තර්ජනය කිරීම, කොඩිවැල් කැපීම, කාර්යාලවලට පහර දීම වාගේම ආණ්ඩුවේ බලය යොදාගෙන විවිධ ඇප්ලිකේෂන් බෙදීම, හාල් බෙදීම, තහඩු බෙදීම වාගේ කොයි තරම් දේවල් තිබුණාද? අද ඒ මොකුත්ම නැහැ. ඒ කියන්නේ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් ලංකාවේ පළමු වතාවට නිදහස් මැතිවරණයකට සම්පූර්ණයෙන්ම ඉඩ සලසා දී තිබෙනවා. එහෙම ඡන්දයක් හොඳ නැද්ද?

අපට ඕනෑ, ජනතාව ළඟට ගිහින් නිදහසේ මතය කියලා ඒ ජනතාවගේ ඡන්දය ලබා දෙන මැතිවරණයක්. ඒ මැතිවරණය ජාතික ජන බලවේගයේ අපි මේ රටට ලබා දී තිබෙනවා. අපි වැඩ භාර ගැනීම, කැබිනට් මණ්ඩලයක් පත් කිරීම වාගේම මේ මැතිවරණය දක්වා රටට අලුත් වෙනස්කම් රැසක් කෙටි කාලය ඇතුළත හඳුන්වා දී තිබෙනවා.

අපේ පාලන කාලය තුළ මේ රට හොඳ දිශාවට සහතික වශයෙන්ම පරිවර්තනය කරනවා. ඒ වෙනුවෙන් සියලු දෙනාම එකතු වෙමු. පෙරට එමු කියලා ආරාධනා කරනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවිශ්වවිද්‍යාල පුස්තකාලයාධිපතිවරුන්ගේ සංගමයේ 14 වැනි ජාත්‍යන්තර සමුළුව හෙට අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්!

Next Post

වසර 34කට පසු කන්කසන්තුරේ තැපැල් කාර්යාලය යළි විවෘත වෙයි!

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.