ඊයේ පැවති ඉන්දියා පකිස්ථාන තරගය කලින් සැලසුම් කළ නාටයක් බවට චෝදනා කරමින් මේ වනවිට බරපතල සමාජ සංවාදයක් ඇති වී තිබේ.
කාසියේ වාසිය උරගා බැලීමේ දී ඉන්දීය නායක රෝහිත් ශර්මා කාසිය ඉවතට විසි කිරීමත්, තරග තීරකවරයා පමණක් කාසිය අසලට ගොස් කාසියේ වාසිය දිනුවේ කවරෙක්දැයි ප්‍රකාශ කිරීමත්, එම අවස්ථාව කැමරා කෝණයෙන් කපා හැරීමත් සම්බන්ධව මේ බරපතල ප්‍රශ්න කිරීම මතුවෙමින් ඇත.
කාසිය කොයි පැත්තට වැටී ඇති ද යන්න පිළිබඳව කැමරාවෙන් නාභිගත ගත කළ දර්ශන නිවසේ සිට බැලිය හැකි වකවානුවක් තිබුණු බවත්, එසේ නොවීම බරපතල ගැටලුවක් බවත් මෙම විවේචනය තුළින් මතුවේ.
රවී ශාස්ත්‍රිගේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ස්ථාවර වැටුප් ලබන්නෙක් බවත්, ඔවුන් විසින් කලින් පිටපත්කරන ලද නාට්‍යය ක්‍රිකට් ලෙස එළිදක්වා ඇති බවත් මේ වනවිට පකිස්ථාන ක්‍රිකට් ලෝලීහු පවසමින් සිටිති.
මේ අඛණ්ඩතාව පිළිබඳ බරපතල ප්‍රශ්න ඉතිරිව තිබියදී හාල්මැස්සන් කිහිප දෙනෙකු අල්ලා ගැනීමෙන් තරඟ පාවාදීම මුලිනුපුටා දැමීමට ICC ය කටයුතු කිරීම විහිලුවක් බව ඔවුහු පවසති.
අනාගතයේදී, කාසිය වැටී ඇත්තේ කුමන පැත්තටද යන්න කැමරාවෙන් පෙන්වන බවට ICC සහතික විය යුතු යැයි ද විවේචකයෝ කියති.