පක්ෂ 10 හදන සන්ධානයේ නායකයා විමල් වීරවංශ…  “හොඳම කෙනා තෝරගත්තා..“ වාසු කියයි!

wimal

පසුගිය ආණ්ඩුවේ සිට ස්වාධීන වූ දේශපාලන පක්ෂ 10 පිහිටුවීමට යන නව සන්ධානයේ නායකත්වය විමල් වීරවංශයට ලබා දීමට පක්ෂ 10 එකඟත්වය පල කර ඇත.

නව සන්ධානය පිහිටුවීම සම්බන්ධව පක්ෂ 10 නායකයින් අතර  විශේෂ සාකච්ඡාවක් අද (31) කොළඹ දී පැවැත්විනි.

නව සන්ධානය කඩිනමින් පිහිටවිය යුතු බවට මෙහිදී තීරණය වී ඇති අතර සන්ධානය සඳහා නම් හතරක් යෝජනා වී ඇත.

දැනට යෝජනා වී ඇති නම් අතරින් වඩාම සුදුසු නම තෝරාගෙන එය ඊලඟ සාකච්ඡාවෙන් පසු ප්‍රකාශ කිරීමට නියමිතය.


නව සන්ධානයට නායකත්වය පත් කරගැනීමේදී ඔහුට කථිකත්වය සහ දේශපාලනය සම්බන්ධව පුලුල් අවබෝධයක් තිබිය යුතු බවත් ඊට සුදුසුම පුද්ගලයා  විමල් වීරවංශ බවත් ලංකාසර කළ විමසුමක දී වාසුදේව නානායක්කාර පැවසුවේය.

මෙම සන්ධානය හා එකතුවීමට කැමති පක්ෂ ගණනාවක් සමග ඉදිරියේ දී සාකච්ඡා කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මීලඟ ජනාධිපතිවරණය සඳහා අලුතින් පිහිටුවන නව සන්ධානයේ අපේක්ෂකයා වනුයේ ද විමල් වීවරංශ බව වාසුදේ නානායක්කාර පැවසුවේය.

Exit mobile version