කොවිඩ්වෛරස ආසාදිතයින් සම්බන්ධයෙන් නොසැළකිලිමත් කමින් ක්‍රියා කර මරණ සිදුකිරීම, දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය සහ ව්‍යවස්ථාපිත යුතුකම ඕනෑවටම නොකර හරිමින් දණ්ඩ නීති සංග්‍රහයේ 289 වන වගන්තිය යටතේ වැරදි කිරීමක් බව පවසමින් සෞඛ්‍ය ඇමති, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපති සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහනනේ සමායෝජක නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා වෙත පැමිණිල්ලක් කරනු ලැබ ඇත.
කොවිඩ් වෛරස ආසාදිතයන්ට දේශීය වෛද්‍ය ප්‍රතිකාර බැහැර කිරීමෙන් සහ දේශීය ඔසු නිර්දේශ නොකිරීමෙන් සහ දේශීය වෛද්‍ය ප්‍රතිකාර සදහා පහසුකම් නොසැපයීමෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ එහිදී ආයුර්වේද පනත පිළිබද අවධානය යොමු නොකිරීමෙන් නීතිපති දප්පුල ද ලිවේරා යන අය නොසැළකිලිමත් කමින් යමෙකුගේ මරණය සිදුකිරීම එනම් දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය සහ ව්‍යවස්ථාපිත යුතුකම ඕනෑවටම නොකර හරිමින් දණ්ඩ නීති සංග්‍රහයේ 289 වන වගන්තිය යටතේ වැරදි කර ඇති බවත් එකී පැමිණිල්ලේ දැක්වේ.
මේ සම්බන්ධයෙන් විමර්ශන කර වැරදි කර ඇති සහ වැරදි කිරීමට අනුබල දී ඇති අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඇත.
පැමිණිල්ල පහත දැක්වේ.