ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ මුවාවෙන් මණ්ඩලය සතු බලාගාර සහ අනෙකුත් මර්මස්ථාන පුද්ගලීකරණය කර විදේශ සමාගම්වලට පැවරීමේ ආණඩුවේ සැලැස්මට විරෝධය පලකරමින් අද දහවල් කෑම පැයේ දී නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විනි.
ලංකා විදුලිබල මණ්ඩලේ සියළුම සේවකයන් වෙනුවෙන් එම විරෝධතාව ප්‍රකාශ කළ බව විදුලි ඉංජිනේරු සංමය ප්‍රකාශ කළේය.
විරෝධතාව සඳහා විදුලිබල මණ්ඩලයේ සියලු ප්‍රධාන වෘත්තිය සමිති නියෝජනය කරමින් සියලු ශ්‍රේණිවල සේවක මහත්ම මහත්මීන් එක්දහස් පන්සියයක ට අධික ප්‍රමානයක් සහභාගි වී සිටියහ.







