යළිත් නෙදර්ලන්තයෙන් හුස්ම හිර කරවන ප්රහාරයකි. ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ දැනටමත් එම සුදුසුකම ලබාගෙන ඇති ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය තරග වදින තරගාවලියේ අවසන් මහා තරගයේ දී පන්දු ඕවර 50ක් ක්‍රීඩා නොකර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 233කට දැවී ගොස්ය. ඒ පන්දු ඕවර 47.5ක් තුළය.
කඩුලු 06ක් අවසන් ලකුණු 53ක් තුළ බිඳ දමා ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු නොවුන අවුලකට දැමීමට නෙදර්ලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ දල ලකුණු ලැබීමේ වේගය පන්දු ඕවරයකට ලකුණු 4.87කි. ලකුණු 05ක් නැත. කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත නායකයා මුලින්ම පන්දු රැකීම තෝරා දැවැන්ත පීඩනයකට ශ්‍රී ලංකා කණ්ඩායම ඇද දමා තිබේ.
පිතිකරණයෙන් හොඳටම සමත් වූ ක්‍රීඩකයා සිය දෙවන එක්දින ජාත්‍යාන්තර තරගය ක්‍රීඩා කරන සහන් ආරච්චිගේය. ඔහු දෙවැනි තරගයේ දීම සිය මංගල ආර්ධ ශතකය ලැබුවේය. සහන් පන්දු 71ක් තුළ ලකුණු 57කි. කුසල් මෙන්ඩිස් ලකුනු 43ක්,
චරිත් අසලංක ලකුණු 36ක්, වනිඳු හසරංග ලකුනු 29ක් සහ පැතුම් නිස්සංක ලකුනු 23ක් ලැබුවේ.
දසුන් ශානක තරගාවලියේදීම ෆේල් වූවා සේ මේ තරගයේ දීත් ෆේල්ය. ඔහු පන්දු දෙකකට පමණක් මුහුණ දී එක ලකුණක් ලබා සිටිය දී දැවී ගියේය. ධනංජය ද සිල්වා ලකුණු 04කි.
නෙදර්ලන්ත පන්දු යැවී අතිශය සංයමකින් කළ එක්කි. ඔවුන් අමතර ලකුණු ලබා දුන්නේ 03ක් පමණි. වයිඩ් පන්දු 03ක්. ඒ එක් පන්දුවකින් කඩුල්ලක් දැවී ගියෙය.
සියලුම පන්දු යවන්නෝ වගකීම් සහගත පන්දු යැවීමක් කළහ.
ලොගාන් වැන් බීක් පන්දු ඕවර 10ම යැව්වේය ලකුණු 40ට කඩුලු 02කි.
රයන් ක්ලෙයින් ලකුණු 42ට කඩුළු 02කි. ආරියන් දත් ලකුණු 51ට කඩුල්ලකි. වික්‍රම්ජිත් සිං ලකුණු 12ට කඩුළු 02කි. සකීබ් සුල්ෆිකාර් ලකුණු 59ට කඩුලු 02කි.
නෙදර්ලන්තය තමන් පහසු කණ්ඩායමක් නොවන බව ලෝකයට පෙන්වා තිබේ.
පිතිකරණය සඳහා සුදුසු තණ තීරුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජයෙන් ගැලවීම සඳහා විශාල දෙයක් සිදුකිරීමට නියමිතව ඇත.