අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටෙන්ඩරය ලබාදුන් ඩෙන්මාර්ක් සමාගමේ මිලට වඩා දෙගුණයකටත් වැඩියෙන් ගෙවා ලියාපදිංචි නොකළ යුක්රේන සමාගමකින් ඉන්සියුලින් ගෙන්නලා…

by editor
ජූලි 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලියාපදිංචි කළ විශිෂ්ට ප්‍රමිතිගත ඖෂධ සමාගම් හයක් මගහැර,  ඖෂධය ගෙන්වීම  සඳහා ටෙන්ඩරය අනුමත කර තිබූ ඩෙන්මාර්ක් ඖෂධ සමාගම එන්නත් කුප්පියකට ඩොලර් 1.65 මිලක් ලබා දී තිබිය දී   ඉන්සියුලින් සහ  ඉන්සියුලින් අසිපේන් එන්නත්   කුප්පි  42500ක්  එක් කුප්පියක් ඩොලර් 4 බැගින් ලියාපදිංචි නොකළ යුක්රේනයේ සමාගමකින් මිලදී ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු කර ඇති ආකාරය සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

හදිසි මිලදී ගැනීම් ලෙස මෙම ඖෂධ තොගය මිලදී ගෙන ඇත්තේ අමතර ස්වාරක්ෂක තොගයක් ලෙස වීම මේ මිලදී ගැනීමේ ගැටලුව තවත් තීව්‍ර කරන ආකාරය එම පුවත්පත පෙන්වා දෙයි.

සන්ඩේ ටයිම්ස් සිද්ධිය වාර්තා කර ඇත්තේ මෙසේය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ  කළමණාකාර අධ්‍යක්ෂ  M. Y. K. විල්ෆ්‍රඩ් පසුගිය මාසයේ ඖෂධ නියාමන අධිකාරය වෙත ලිඛිතව ඉල්ලීමක් කරමින් ඉන්සියුලින් කුප්පි තිස් දහසක් සහ ඉන්සියුලින් අයිසොපේන් කුප්පි 12 500ක් ලියාපදිංචියෙන් තොරව යුක්රේන සමාගමක්වන  “Indar”  නම් සමාගමින්   හදිසි මිලදී ගැනීමක් සඳහා ඉල්ලීම් කර තිබිණි.

මෙම යුක්රේන සමාගමේ  දේශීය ආනයනකරුවන්නේ Yaden International (Pvt) Ltd ය. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මෙම ඖෂධ තොගය මිලදී ගැනීමට අවසර ඉල්ලා තිබුණේ අතිරේක ස්වාරක්ෂක ඖෂධ තොගයක් ලෙස තොග පවත්වා ගැනීම සඳහාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම සමාගම ඖෂධය සඳහා තනි ලංසුකරු බවත් සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුව විසින් මෙම සමාගමේ දේශීය ආනයනකරුවන Yaden International (Pvt) Ltd  සමාගම හදිසි මිලදී ගැනීම් සදහා අනුමත කළ සමාගමක් බවත් රාජ්‍ය ඖෂධ  නීතිගත  සංස්ථාවේ  කළමණාකාර අධ්‍යක්ෂ  M. Y. K. විල්ෆ්‍රඩ්  ඖෂධ නියාමන අධිකාරියේ විධායක නිලධාරියාට ලිඛිතව දැනුම් දෙන්නේය.

හදිසි මිලදී ගැනීමේ අනුමැතියට යටත්ව ගෙන්වූ මෙම  ඉන්සියුලින් ද්‍රාව්‍ය කුප්පි 30,000ක් සඳහා ගෙවූ  මුළු   වටිනාකම ඇමෙරිකානු ඩොලර් 121,884.8650 කි.   එක් බෝතලයකට වැය මිල ඇමෙරිකානු ඩොලර් 4කි.

ඉන්සියුලින් අයිසොපේන් කුප්පි 12,500ක් සඳහා මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් 50,785.3604කි. යළිත් එම කුප්පියක මිල  ඇමෙරිකානු ඩොලර් 4කි.

මෙම ඖෂධ ගෙන්වීම   සඳහා ලියාපදිංචි ලංකාවේ පිළිගත් ඖෂධ සමාගම්වන   ඉන්දියාවේ MJ BioPharm සහ ඩෙන්මාර්කයේ Novo Nordisk  ඇමරිකානු ඩොලර්  1.55 ට ඉන්සියුලින්  කුප්පියක් සඳහා මිල ගණන් ඉදිරිපත් කර තිබිණි.

තුන්වැනි  සමාගම වූ  ඉන්දියාවේ Wockhardt, එක් ඉන්සියුලින් කුප්පියක් සඳහා ඉදිරිපත් කළ මිල  ඇමරිකානු ඩොලර් 1.65 කි.  ලයිස්තුවේ  හයවන ලැයිස්තුගත සමාගමවන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Gulf Pharma  ඉදිරිපත් කළ මිලත් ඉන්සියුලින්   එකුප්පියකට ඇමරිකානු ඩොලර් 4ක් පමණක් විය.  ටෙන්ඩර් කැඳවූ අවස්ථාවේ දී මෙම ඖෂධය ගෙන්වීම සඳහා අදාල ඩෙන්ඩරය ලබා දී තිබුනේ අඩුම මිලක් ඉදිරිපත් කළ ඉහළම ප්‍රමිතිගත සමාගම වූ ඩෙන්මාර්කයේ Novo Nordisk  සමාගමටය.

එසේ තිබිය දී ඉන්සියුලින් කුප්පියක් සඳහා ඇමරිකානු ඩොලර් 2.35ක් වැඩිපුර ගෙවමින් ලියාපදිංචි නොකළ යුක්රේන සමාගමකින් ස්වාරක්ෂක තොගයක් ලෙස පවත්වා ගැනීමට ඉන්සියුලින් සහ ඉන්සියුලින් අයිසොපේන් කුප්පි 42500ක් ගෙන්වීමේ ගැටලුකාරී ස්වරූපය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න කරමින් තිබේ.

සෞඛ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ මූලාශ්‍රයක් පැවසුවේ “ඉන්සියුලින් යනු බහුලව භාවිතා වන අත්‍යවශ්‍ය ඖෂධයක් බැවින්    අමතර  ස්වාරක්ෂක එන්නත්  තොග     කලින් ලියාපදිංචි කළ සැපයුම්කරුවෙකුගෙන් ලබා ගැනීමට  හැකියාව තිබූ බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනාධිපති මන්දිරයෙන් අතුරුදහන් වී ඇති නිල ලාංඡන සොයා ගැනීමට සහාය වන්න…

Next Post

නෙදර්ලන්තයෙන් හුස්ම හිරකරවන පීඩනයක්… ඕවර 50 ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකාව ලකුණු 233කට දැවෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.