විපක්ෂයේ මන්ත්‍රිවරුන් සභා ගැබ තුළ සිය ඇඳුම් ගැලවීමට උත්සාහ කරමින් විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවට නුසුදුසු ආකාරයේ ඇඳුමක් හැඳ පාර්ලිමේන්තුවට පැමිණි ඒ.එල්.එම් අතාවුල්ලා මන්ත්‍රීවරයාට අද පෙරවරුවේ සභා ගැබෙන් පිට වන්නට සිදුවිය .
පාකිස්තාන ජාතික ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී අද ප්‍රමාද වී පාර්ලිමේනුවට පැමිණි අතාවුල්ලා මන්ත්‍රිවරයාට මෙම ඇඳුම සභා ගැබට නුසුදුසු බවට පවසමින් විපක්ෂයේ මන්ත්‍රීවරු දැඩි විරෝධයක් එල්ල කළහ.
විශේෂයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා තමන් ඇඳ සිටි ජාතික ඇඳුමේ සරම දණහිසටත් උඩින් ඔසවා විරෝධය පළ කළ අතර හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තම කමිසයේ බොත්තම ගලවා විරෝධය පළ කළේය.
මේ අතරේ මන්ත්‍රී නලින් බණ්ඩාරද තමන් ඇඳ සිටි කබාය ගලවා කරකවන්නට වූ අතර සෙසු මන්ත්‍රීවරුන්ද විරේාධය පළ කරමින් කීවේ තමන්ද අතාවැල්ලා මන්ත්‍රිවරයා පිටවන තෙක් අශෝභන ලෙස හැසිරෙන බවය.
සබා ගැබට සුදුස ගෞරවාන්විත ආකාරයට නොගැලපෙන ඇඳුමකින් එන මන්ත්‍රීවරුන් ආපසු යැවීම කථානායකවරයාගේද වගකීමක් බවත් අද රස්තියාදුකාරයන් ලෙසින් කැමති අකාරයට පාර්ලිමේන්තුවට පැමිණෙන ත්තත්වයක් නිර්මාණය වී ඇති බවත් කියමින් මෙම මන්ත්‍රීවරු විරෝධය පළ කළහ.
මේ මොහොතේ වේත්‍රධාරීවරයා අතාවුල්ලා මන්ත්‍රීවරයා ළඟට ගොස් ඔහුට සබාවෙන් පිටවන ලෙස ඉල්ලා සිටියේය.
ඒ මොහොතේ “ඔයාලට අද තියන ප්‍රශ්නෙ 20 වැනි සංශෝධනයද නැතිනම් මගේ ඇඳුමද?“ කියා සභා ගැබෙන් පිටව ගියේය.