පේරාදෙණිය සුබෝධාරාමය පිරිවෙනේ වැඩ විසූ හිමිවරු දෙදෙනෙක් අතර ඊයේ (14) රාත්‍රියේ ඇතිවූ බහින්බස් වීමක් පිහි ඇනුමකින් කෙළවර වී තිබේ.
පිහි ඇනුම් කෑ හිමිනම මේ වනවිට මහනුවර රෝහලට ඇතුළත් කර ඇත. පිහි ප්‍රහාරය එල්ල කළ හිමියන් සැකපිට පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ආරවුල ඊයෙ 14 වැනි දා පස්වරු 6ට පමණ සිදුවී ඇත. කොස්වත්තේ සිරිධම්ම ලෙස හැඳින්වෙන වයස අවුරුදු 16ක් වූ හිමි නමක විසින් වයස අවුරුදු 24 ක් වූ ඉහළගම ධම්මජිත් නම් හිමිනමකට මෙම පිහි ප්‍රහාරය එල්ල කර ඇත.
පිහි පහර කෑ හිමිනම මේ වන විට මහනුවර ජාතික රෝහලේ දාහත් වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.
පිහි ඇනුම සිදුකරන ලද බවට සැක පිට දාසය හැවිරිදි හිමි නමම ඊයේ රාත්‍රියේම පේරාදෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පේරාදෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.