නුවරින් අතුරුදහන් වූ දරුවා මහරගම පොලිසිය භාරයේ!

දෙවෙනි කුඹල් පෙරහර දා රාත්‍රියේ මහනුවරදී අතුරුදන් වූ වයස අවුරුදු 9ක පිරිමි දරුවා මහරගම පොලිසිය භාරයේ සිටින බව වාර්තා වේ.

අමිල අභිමන් නැමැති මෙම දරුවා  යම් පුද්ගලයෙකු විසින් රවටාගෙන දුම්රියෙන්  කොළඹට කැටුුව  ගොස් ඇති අතර කොළඹ සිට නැවත මහරගම දෙසට දුම්රියෙන් ගමන් කරන අවස්ථාවේදී දරුවා දුම්රිය පැනීමට උත්සාහ කර ඇතැයි දැනගන්නට තිබෙන බව මේ පිළිබඳව ලංකාසර කළ විමසීමක දී දරුවාගේ මව ප්‍රකාශ කළාය.

අනතුරුව  දුම්රිය සිටි පිරිසක් විසින් එම නව හැවිරිදි දරුවා මහරගම පොලිසිය වෙත භාර දි තිබේ.

මහනුවර නගරයේ ඔරලෝසු කණුව අසල බුලත් තට්ටුවක් දමා සිටින මිත්තණිය අසල සිටියදී මෙම දරුවා පෙරේදා (03) රාත්‍රියේ දී අතුරුදහන් ව ඇතැයි දරුවාගේ මව මහනුවර පොලිසියේ පැමිණිල්ලක් දමා තිබුණාය.


නගරසභා සේවිකාවකවන ඇය සිය දරුවා මිත්තනිය අසල නවතා කුඹල් පෙරහර අවසන් වීමෙන් පසු රාජකාරි ස්ථානයට ගොස් එන්නට ගිය අවස්ථාවේ දී දරුවා අතුරුදහන් වී ඇතැයි පොලිසියට කියා තිබිණි.

වැඩිදුර කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර දෙවැනි කුඹල් පෙරහර අතර දරුවෙක් අතුරුදහන්!

Exit mobile version