ගාලුමුවදොර සාමකාමී අරගලකරුවන්ට එල්ල කළ පහරදීමට ආධාර හා අනුබලදුන් බවට චෝදනා නැගෙන පොලිස් ප්‍රධානියාව ආරක්ෂා කිරීමට යම් අදෘෂමාන හස්තයක් ක්‍රියාත්මක වන බව අභ්‍යන්තර පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙතරම් චෝදනා ලබා සිටින එම නිලධරියාට ස්ථාන මාරුවීමක් පවා ලැබී නැති බවත් මේ සිදුවීම හුවා දක්වමින් පොලිස්පතිවරයාට චෝදනා කර ඔහු ගෙදර යැවීමට ඇතැම් පිරිස් සූදානම් වන්නේ දැයි සැක සහිත බවත් පොලීසිය තුළ දැඩි කථාබහක් ඇතිව තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ පැවති පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමටද අද පොලිස්පතිවරයාව කැඳවා ඔහුට දැඩි ලෙස දොස් නගා ඇති බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.
පොලිස්පතිවරයාගේ අණ නොතකා අරගල භූමියට පහරදෙන ආකාරයට පොලීසිය මෙහෙයවූ අදාල පොලිස් ප්‍රධානියා මේ වන විටත් සුපුරුදු ලෙස සේවයේ නිරතව සිටින්නේ ඔහුට එරෙහිව පොලීසියේ විශාල පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ පවා ලබාදී තිබියදීය.
සිදුවූ දේ රූපරාමු තුළ ලියැවී තිබුණේ මෙසේය…