ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතාට විසි එක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සහ ඊට ඇතුලත් විය යුතු කරුණු සම්බන්ධයෙන් විශේෂ ලිපියක් යොමුකර තිබේ.
ඒ අනුව අදාල ලිපිය මගින් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති යහපත් ගුණාංග යලි ස්ථාපති කිරීමට ගෙන ඒමට නියමිත 21 වන සංශෝධනයේ අඩුපාඩු පවතින බව පෙන්වාද දී ඇත.
එහිදී 19 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාට තමන් හට අමාත්‍යධුරයක් පවරා ගැනීමට ඇති ඉඩකඩ වලක්වාලමින් තිබූ ප්‍රතිපාදන 21 එකවන සංශෝධනයේ ඇතුලත් නොවන බවද නීතීඥ සංගමය විසින් පෙන්වා දී තිබේ.
එමෙන්ම 19 වන සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කල් දැමීමට සහ විසුරුවා හැරීමට ඇති ඉඩකට සීමිත කරමින් ගෙන එන ලද ප්රතිපදාන 21 වන සංශෝධනයේ නොපවතින බවත් එම කරුණු නිවැරදි කිරීමට පියවර ගතයුතු බවද නීතීඥ සංගමය අවධාරණය කරනු ලබයි.
එසේම මීට පෙර නීතීඥ සංගමය විසින් 21වන සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් කරුණුද ඇතුලත් කරන ලෙසද ඉල්ලා තිබේ.
ඒ අනුව ව්‍යවස්ථා මණ්ඩලයේ අනුමැතිය ඇතිව මුදල් මණ්ඩලයට සාමාජිකයින් පත්කිරීමද අමාත්‍යංශ වලට ලේකම්වරුන්, තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන් අග්‍රමාත්‍යවරයාගේ උපදෙස් සහ කැබිනට් මණ්ඩලයේ දැණුම්වත් කරමින් පත්කිරීමට යෝජනකා කර ඇත.
මීට අමතරව ජනාධිපති සමාව ලබාදීමේදී නීතියෙන් ස්ථාපිත සංවිධානයක් මගින් ලබාදෙන නිර්දේශ මත සිදුකිරීමත් එම සංවිධානය ව්‍යවස්ථා සභාාවේ නිර්දේශ මත පත්කිරීමත් යෝජනා කර තිබේ. එමෙන්ම ස්වාධීන කොමිසම් වල මූල්‍ය ස්වාධීනත්වය, විනිවිදභාවය, වගවිම වර්ධනය කරනු බලන ප්‍රතිපාදන ඇති කිරීමට යෝජනා කර ඇත.
නීතිඥ සංගමය විසින් ව්‍යවස්ථා සභවේ පාරිලමේන්තු නියෝජනය නොකරන සාමාජිකයින් ගණන 3 සිට 5 දක්වා වර්ධණය කිරීමත් පාර්ලමේන්තු ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් ගණන 7සිට 5ක්දවා 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මෙන් අඩු කිරීම සමබන්ධයෙන්ද වැඩිදුරටත් යෝජනා කර තිබේ.