පසුගිය සතිය තුළ කොවිඩ් ආසාදනය වීම නිසා සිදුවූ මරණ කිහිපයක්ම නිවෙස් තුළදීම සිදුවීම නිසා සමජය තුළ ආන්දෝලනයක් ඇති වී තිබුණත් ඊට ප්‍රධානම හේතුව බෝ නොවන රෝග වලින් පෙළෙන වයස්ගත පිරිස් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත නොවීම බව සෞඛ්‍යය අමාත්‍යාංශයේ මාධය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පැවසීය.
එසේ අනිසි බියක් ඇතිකරගත යුතු නැති බවත් රෝහල්වල සුපුරුදු ප්‍රතිකාර ක්‍රමවේදයන් ක්‍රියාත්මක බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
වඩාත්ම ආරක්ෂිත වන්නේ රෝගවලට බියෙන් සැගවී සිටීම නොව, පවතින තත්ව හමුවේ ප්‍රායෝගික වී ප්‍රතිකාර සඳහා යොමුවීම බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.