දිනසේන රතුගමගේ –
මාස නවයකට පෙර යාපනය ශික්ෂණ රෝහලේදී උපත ලද නිවුන් දරුවන් දෙදෙනෙක් නිශ්චිත හේතුවක් සොයා ගත නොහැකිව මිය ගොස් ඇතැයි වාර්තාවේ .
මේ නිවුන් දරුවන් දෙදෙනා ගෙන් ගැහැණු දරුවා මීට මාස 7 කට ඉහතදී කිසිදු හේතුවක් නොමැතිව මියගොස් තිබුණි.
පිරිමි දරුවා ඊයේ ( 20) යාපනය සංගානෙයි රෝහලේදී මියගිය අතර එම දරුවාගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී තිබේ.
දරුවා එක්වරම වමනය කිරීමට පටන් ගැනීම නිසා ඔහුව යාපනයේ සංගානෙයි රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් දරුවා මියගොස් සිටි බව වෛද්‍යවරුන් සනාථ කොට තිබේ.
පශ්චාත්මරණ පරීක්ෂණ වාර්තාවද නිකුත් කිරීම අත්හිටුවා ඇති අතර මියගිය දරුවාගේ ශරීරයේ කොටස් කීපයක් වැඩිදුර පරීක්ෂණ සදහා කොළඹට යවා තිබේ.







