අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිවාස කොල්ල කන විශ්‍රාමික කොමාන්ඩෝ මේජර්  හෙරොයින් සමග අත් අඩංගුවට… පාතාලයටත් සම්බන්ධ බව හෙළි වෙයි!

by editor
අප්‍රේල් 17, 2024
in පුවත්
jail
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය- 

අම්බලන්ගොඩ, කහවේ නිවසකින් රුපියල් ලක්ෂ 26 ක් වටිනා විදුලි උපකරණ හා සරනේරු තොගයක් සොරකම් කරන ලද දකුණේ ප්‍රබල පාතාල කල්ලියකට සම්බන්ධ හෙරොයින් ජාවාරම්කාර විශ්‍රාමික යුද්ධ හමුදා මේජර්වරයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 4600 ක් සමග අම්බලන්ගොඩ පොලීසිය මගින් ඊයේ (16) අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (17) බළපිටිය මහේස්ත්‍රාත් ආර් ඩී ජනක   වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නො.17, මානිමුල්ල, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි 44 හැවිරිදි   පුද්ගලයෙකි. සැකකරු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කොමාන්ඩෝ බලකායේ සේවය කර විශ්‍රාම ලැබූ මේජර්වරයෙකු බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.

නො.31, දූව පාර, අකුරල, කහව ලිපිනයේ පදිංචි අගම්පොඩි විරාජ් කුමාර ද සිල්වා (50) නැමැති අය විසින් 2024 අප්‍රේල් 10 දින අම්බලන්ගොඩ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

සිය සහෝදරයා විසින් ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යෑම සදහා ඩුබායි රටේ සිට මෙරටට එවන ලද   විදුලි උපකරණ හා සරනේරු තොගයකින් රුපියල් ලක්ෂ 26 ක් වටිනා දේපල සොරකම් කර තිබෙන බවද පැමිණිල්ලේ සදහන් වේ. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සිය නිවසේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින සැකකරු විසින් මෙම සොරකම් කර තිබෙන බවට තොරතුරු තිබෙන බවත් ඔහු විසින් නිවසේ තිබූ ෆ්ලෑස් ලයිට් එකක් විකිණීමට කල උත්සාහයක් සම්බන්ධයෙන් තම මිතුරෙකු මාර්ගයෙන් තොරතුරු ලැබුණ බවත් පැමිණිලිකරු විසින් පොලීසියට ප්‍රකාශ කර තිබේ.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සොරකම් කරන ලද දේපල වලින් රුපියල් ලක්ෂ 06 ක පමණ දේපල සොයා ගත් බවත් ඒවා සැකකරුගේ නිවසේ රහසිගතව සඟවා තිබූ බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි. 

සැකකරු සන්තකයේ තිබූ හෙරෙයින් සම්බන්ධයෙන්ද අම්බලන්ගොඩ පොලීසිය මගින් කරන ලද විමර්ශන වලදී තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මත්දව්‍ය ජාවාරම්කරුවෙකු වන අම්බලන්ගොඩ, ඉඩන්තොට පදිංචි අගම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත (26) නොහොත් ‘සමන් කොල්ලා’ නමැති අයගේ මත්ද්‍රව්‍ය  සැකකරු විසින් ජාවාරම් කර තිබෙන බවට පරීක්ෂණ වලදී අනාවරණය වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 

අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේ වෙළදසැලක් තුළ දී 2024 මාර්තු 11 වන දින රාත්‍රි 8.50 ට පමණ ටී – 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියටද ‘සමන් කොල්ලා’ නැමැති අයගේ සම්බන්ධයක් තිබෙන බවද අම්බලන්ගොඩ පොලීසිය කියයි. 

මෙම වෙඩි තැබීමෙන් අම්බලන්ගොඩ, ගලගොඩ පදිංචි සිතුම් සංජන හෙවත් ‘සුදූ’ නමින් හදුන්වන 22 හැවිරිදි වෙළදසැලේ හිමිකරු ලෙස කටයුතු කල තරුණයෙක් හා හලඹ උදේෂ් මධුරංග මෙන්ඩිස් (26) නැමැති දෙදෙනා ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය.

සැකකරු ‘සමන් කොල්ලා’ නැමැති අයගේ හෙරොයින් ජාවාරම් කර ඊෂි කෑෂ් ක්‍රමයට හා බැංකු ගිණුම් අංකයකට මුදල් ලබාගෙන තිබෙන බවද අම්බලන්ගොඩ පොලීසිය කියයි. මෙම සැකකරු දකුණේ පාතාල කණ්ඩායම් හා එක්ව මිනිස් ඝාතන සදහා සම්බන්ධ වී තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද අම්බලන්ගොඩ පොලීසිය කියයි. 

මෙම සැකකරු යුද්ධ හමුදාවේ සේවය කර තිබෙන බැවින් ආයුධ පරිහරණය සම්බන්ධයෙන් මනා පල පුරුද්දක් තිබෙන බවත් එම නිසාම මෙම සැකය ඇතිව තිබෙන බවත් අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පතිජීව, උප පොලිස් පරීක්ෂක එස් ආර් බී ගමගේ, පොලිස් සැරයන් අමරසිරි (3164), පොලිස් කොස්තාපල් දිසානායක (10570) යන නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශණ සිදුකරයි. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝගී දරුවන්ගේ ආහාර වේලේ ගුණාත්මක බව වැඩි කිරීමේ වැඩසටහනක්!

Next Post

දමිතයි සැමියයි 24 තෙක් රිමාන්ඩ්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.