ශ්‍රියානි විජේසිංහ –
ජාතික නියාමන අධිකාරියෙන් නිකුත් කරන ඖෂධ ලියාපදංචි බැහැර කිරීමේ සහතිකය හෙවත් WOR සහතිකය ඖෂධ වර්ග ගණනාවක් සඳහා ව්‍යාජ ලෙස නිකුත් කර ඇති බවට හෙලිදරව් වී ඇතැයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමය පවසා සිටියි.
Povidone iodine , Captopril, Bisoprolol, Desferal, Fluticasone Prednisolone වැනි ඖෂධ වර්ගවලට අදාළව මේ අන්දමට ව්‍යාජ ලිපි නිකුත් කොට ඇතැයි සැක පහළ වී ඇති අතර ඒ සියළු ඖෂධ දේශීය ඖෂධ නිෂ්පාදන සැපයුම්කරුවන්ගේ වීම සුවිශේෂී තත්වයක් බව විද්වත් සංගමයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසා සිටියි.
මේ වන විට ඖෂධ නියාමන අධිකාරියේ ඇතැම් තීන්දු හරහාද දේශීය නිෂ්පාදන සමාගම් සදහා පමණක් සුවිශේෂී සිමා කිරීම් සිදු කිරීම කැපී පෙනෙන තත්වයක් වී ඇති අතර, සමස්ථ ක්‍රියාවලිය හරහා බහු ජාතික සමාගම්වල අවශ්‍යතාවයට අනූව, රට තුළ දේශීය නිෂ්පාදන අධෛර්‍යට පත් කිරීමේ කිසියම් කුමණත්‍රයක් දියත් වන්නේද යන්න පිළිබඳව දැඩි සැකයක් මතුව ඇතැයි හෙතෙම පෙන්වාදේ..
ප්‍රශ්න සහගත ඉමියුනොගොලොබියුලින් ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා සිදු කරන පරීක්ෂණවලදී ඊට අදාල ව්‍යාජ WoR සහතිකය පිළිබදව තොරතුරු මෙතෙක් හෙලිදරව් වී නොමැති බවද හෙතෙම අවධාරණය කරයි.